Pages

Monday, December 19, 2011

මේ වහින්නේ එදා මල් වරුසාවමයි..




ඉස්සර මේ වැස්සට තෙමෙන්න මම ආසයි..
ඒ ඔයා මගේ ලඟින් තුරුල් වෙලා මගෙත් එක්ක ඇවිදන් යන සතුට වැඩිකමට.. ඒ කාලෙ එක පිට එක ධාරනිපාත වැහි සීයක් වැටුනත් මට  ඒව මල් වැහි වගේ..
මතකද .. ඒ දවස් වල මම චුට්ටක් මුරන්ඩුයි. කතා කර කර යනගමන් හෙමීට කුඩෙන් පිටට පනිනව..
"ඇයි බබා තෙමෙන්නෙ ..ලෙඩ වෙන්නද ඕනා" ඔයා මට සැර වෙනව

"චුට්ටක් තෙමුනට ලෙඩ වෙන්නැහැ පැන්චො"
මම කියන්නෙ එහෙමයි..

"ඔන්න හෙම්බිරිස්සාවක් එහෙම හදා ගත්තොත් මම නෑ..මට එපා හොටු කෙල්ලො.."
ආඩම්බරෙට ඔයා එහෙම කියද්දි මූන පුලුටු කරන් මම ආයෙත් කුඩේ යටට එනව..

මතකද ඒ කාලෙ..හරිම සුන්දරයි.. ඔයාගෙ ඔයි තරු ඇස් වලින් මම ඒ කාලෙ ඒ විදියට කියෙව්වෙ අපේ අනගතේ..

අදත් දවසෙම වැස්ස.. වෙනදට ඔයත් එක්ක ඇවිදන් යන පාර දිගේ මම තනියම ඇවිදන් යනව.. මීට අවුරුදු දෙකකට කලින් අපි දෙන්න ඇවිදන් යද්දි වැටුන මල් වරුසාවම අදත් වැටෙනවා. මේ ගහ කොල ගොඩනැගිලි කලබලයෙන් හෙවනක් සොයාගෙන දුවන මිනිස්සු සත්තු මේ හැමදේමත් එදා වගේමයි.. එකම එක අඩුවයි තියෙන්නෙ ඒ වෙනද වගේම සීරුවට ඇවිදන් යන මාත් එක්ක මගේ තනියට මගේ කුඩේ යට ඔයා නැති එක විතරමයි..

හ්ම්ම් ...

දන්නවද ..එදා වගේ,මේ වැස්සට තෙමන්න මම දැන් ආස නැහැ..එදා වැස්සට තෙමිල මූන දිගේ රූරා වැටුන වැහි බින්දු ඔයාගෙ අත්ලෙන් පිහදාල මාව තුරුල් කරගන්නකොට දැනුන සතුට අද මට පපුව පුරා එක පාර පිපුරුන අකුණක් වගේ තදට දැනෙන වේදනාවක් විතරමයි.. එදා මගෙ  ආදරේ කඩා වැටුන මේ ඇස් වලින්  අද මේ වැටෙන්නෙ අතීතය දියවිලා වැටෙන කදුලු විතරමයි ..එදා වැහි බින්දු පිහාපු ඔයා මේ කදුලු බිදු පිහින්න අද හිටියනම් ....

අහන්න., එදා මම මේ වැස්සට ආදරේ කලේ ඔයත් එක්ක එක කුඩේ යට හැපි හැපි කියෝ කියෝ යන්න පුලුවන් නිසා.ඒත් ඔයා මන් ලඟ නැති අදත් මම මේ වැස්සට ආදරේ කරන්නෙ ඔයා නැතුව වේදනා දෙන මේ ඇස් වලට වැටෙන කදුලු වැහි පොද දිගේ නිදහසේ පාවෙලා යන හින්ද වෙන්න ඇති..

"මේ වහින්නේ එදා මල් වරුසාවමයි..මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.."



Sunday, December 18, 2011

ආදරණීය හිත


උඳුවප්
මැදියමේ
කිලිපොලා යන
සීතලට
ගැස්සෙන
ඔය හිත ලඟ
තනිවරන්නට
නිදි නැති රැයක
එන්නම්
පුන්චි කුටියේ
කව්ළුව ලඟට
මලානික සඳ එලිය
වැටෙන කවුලුව
පාමුල
රැදෙන්න ඔබ
නෙතු පියාගෙන
පපුතුරේ හොවාගෙන
තබන්නම්  එවිට
උනුසුම්ම හාදුවක්
හරිම සීරුවට
ආදරණීයව
ඔබේ නලලත
මතට..

Monday, December 12, 2011

හෙට අලුත් අලුයමක් !!

රෝස පාට වලාකුලක් ඉර බැසයන බටහිර අහසට වර්ණ ඉසින කොට පුන්චි කුරුල්ලො  රෑන් රෑන් උන්ගෙ කැදලි වලට ඉගිල්ලුනා..හිරු නැතුව පිපෙන්න ලැජ්ජාවෙන් මැලවෙන රෝස පාට නිදිකුමබා මල් හීන් සීරුවේ  නින්දට යන්න සැරසිලා.. 

රස්තියාදුවේ ඉගිලෙන සමනලයෙක් අරියාදුවට වගේ මැලවුනු නිදිකුමබා මලක්  ලඟ නැවතිලා සමච්චලේට  හිනාවෙලා යන්න ගියා..

ඉරත් එක්ක පිබිදුනු බොහෝ දෙනා ඉරත් එක්කම නින්දට යන්න සුදානම..ඔබත් එක්ක පීදුනු මම ඔබ නැතුව තාම කොරිඩෝවෙ පුටුවට වෙලා මග බලාගෙන.. මිනිස්සුන්ගෙ ජීවිත කොයිතරම් නම් පාලුවෙන් තනිකමින් පිරිල ඇත්ද කියල දැනෙන්නෙ මෙන්න මේ වගෙ වෙලාවට.. කොහොම උනත් මේ පාලුවට මම දැන් ගොඩාක් ආදරෙයි..

නිස්කලන්කව ඔහේ බලාගෙන හිතට එන දෙයක් හිත හිත ඉන්න මම කවදත් කැමති කෙනෙක්..මේ හුදකාලව..මේ තනිකම කොහොම මට දැනුනත් මේ හැමදේටම මම හරිම ආදරෙයි.. මේ පාලුවට විරාමයක් දෙන්න මට ඕනෙ කමක් නැහැ.. ඒත් මේ තනිකමට වාරුවක් වෙන්න එකම එක රුවක් මගේ හිත මත්තෙ මැවෙන වාර  අනන්තයි..අප්‍රමානයි..

හ්ම්.. .. ..

වෙන කවුරුත් නෙමෙයි ඒ ඔබ .. ඔව්.. ඒ ඔබ..

හැමදාකම උදේට  රැස් විහිදන් පායන හිරුට කවදාවත් අමතක උනේ නැලු  සමනල කන්ද වටේ වටයක් ගිහින් එන්න..හැමදාකම හිමිදිරියෙ මේ ඇස් පිබිදෙන්නෙත් ඒ වගේම ඔබේ රුව වටේ රැස් වළලක් වගේ දැවටෙන්න හිතාගෙන.... හිරුත් එක්ක අවදිවෙලා හිරුත් එක්ක පේ වෙලා පිපෙන මල් කැකුළක් ආඩම්බරේට පෙති සලන්නෙ හැමදාම ඇය බලන්න රන් සමණලයෙක් එන නිසා ලු.. ඒ උනත් මල් කැකුළෙ මම නම් කල පින් තවත් මදි..හැමදාම ලඟ දැවටෙන්න  මගේ පුන්චි සමණලයා එන්න නම් තවත් ප්‍රමාදයි වගේ.. ඒත් ඉතින් අඩමානෙට වුනත් බලන් උන්නෙ අදවත් මගේ දෑස් මානයේ ඒ දිලෙසෙන වටකුරු ඇස් දෙක පිපෙනකම්..

ඒත් දැන් පරිසරයම අදුරෙ ගිලිල ඉවරයි.. හ්ම්.. පැහැදිලියි..මේ තනිකම අදත් මට උරුම වග.. හැබෑවටම අදත් ඔබ මට පමා වූ හීනයක් පමනක්ම වග හරිම පැහැදිලියි ..

යාන්තමට බොදවීගෙන එන නෙතු අගිස්ස පිට අත්ලෙන් පිහදාගෙන ඔබේ පුන්චි නිදිකුම්බා මලත් අදුරට ඉඩ දීල කාමරේට යන්න ගියේ අදත් හීනයක් විතරක්ම වුනු ඔබ හෙට හිමිදිරියෙවත් මේ දෑස මානයේ පිපේවි යන සුන්දර සිතුවිල්ලත් එක්ක හෙට නැගෙන නැවුම් දවසට සී සී කඩ විසිරුනු පරණ බලාපොරොත්තු ගොන්න එක මිටකට එක්කහු කරගනිමින්..

"හෙට අලුත් අලුයමක්..වෙන කවරදාටත් වඩා..මිහිමත මල් පිපුනු දවසක්.."




ගායනය: කසුන් කල්හාර

Saturday, December 3, 2011

නුඹ නමින් ..


නුඹ නමින් පෙම් පුරා
හිඳින්නට ලන්වෙලා
මදනලේ දැවටිලා
පැමිනියෙමි දිවි තුරා
 සිනාමල් තවරලා

ඔබේ සුදු වත පුරා
සරසන්න අවසරයි
සසර සරනා තුරා..

Thursday, December 1, 2011

යලි දකින තුරු ඔබ..



හදවතේ හිස් තැනක්
ඔබ ඇවිත් පුරවද්දි
හිතුවටත් වඩා ඉඩ
ඒ හිතෙන් ඉල්ලද්දි
නොදැනීම තවත් දින
දෙක තුනක් ගත වෙද්දි..
හිතම නතු කරන් ඔබ
මට තවත් ලන්වෙද්දි..

සිනාසුන ඇස් වලින්
කඳුලු බිඳු මතු වුනා..
සැනසුමෙන් එහා ඔබ ගැනම
සිත ලත වුනා..
මගේ ඇස් මේ තරම්
ඔබ නමින් වැළපුනා..
ඔබ ගිහින් බොහෝ දුර
යලිත් මා තනි වුනා..

යලිදු ඔබ දකින තුරු
මග බලන් ඉන්නෙමි..
නැ සියන් හිතවතුන්ගෙන්
කඳුලු සගවමි..
දොර අගුලු ලා හිතට
ඔබ නමින් ඉන්නෙමි..
ඔබට දුන් පොරොන්දුව
පන මෙන්ම සුරකිමි....

Thursday, November 24, 2011

නුඹේ අහසට මම..



හිරු කුමරුයි
සඳ සාවියි
නිල් අහසට උන්නා වගේ
නුඹේ හිරුත් සඳුත් වෙලා
මම ඉන්නම් හිත් අහසේ..
හිරු බැස යයි හැන්දෑවට
සඳුත් නෑනෙ අමාවකේ
රෑ අහසට තනිවරන්න
තරු විතරයි ඉතිරි වුනේ..
හැමදාමත් අහස පුරා
තරු මල් වැල් පිපුනා වගේ
නුඹේ අහසේ හිරු සඳු නොව
තරුවක්වත් වෙන්න සිතේ..

Wednesday, November 9, 2011

වස්සාන සිහිනයේ පෙම්කම් ..


 වස්සාන සිහිනයේ
නිමක් නොහි පෙම්කම්
රැගෙන දෝතින්
නුඹ සොයා විත්
තවරන්න ඇත්නම්
නුඹේ  හිතපුරාවෙම
ආදරේ ආත්මය
මගේ එක සුසුමකින්..