Pages

Sunday, July 8, 2012

ඔබය..ඔබමය..




මහා නියං කලකට හසුව
දැවෙන්නට ගිය ආත්මය
සනහා සතපා සිහිල් දියපොදකින්
ප්‍රාණවත් කල වැහි බිඳුව ඔබය..

සිනාවක් මතක නැතිව
ඉරිතලා ගිය මේ මුහුන මත
පාට පාටින් සෙනේ මල් ගෙන
අතුරා පතුරා විසිතුරු කල
ප්‍රේමනීය උයන් තෙර ඔබය....

ගම් නියම්ගම් පාලුකරමින්
ඉතිරි පැතිරුනු මහ වරුසා මෙන්
දෝරෙ ගිය කඳුලු බිඳු
ගලන විට හරවා කරවා වැව් තාවුලු
සත් කන්නයක් අස් වැද්දූ
මහා නිරිඳුන් ඔබය..

අඳුරේ තනිවී ඈත තරුවකට
අහිමි බව බව දැන දැනත් ලොබ බඳින විට
නොතැවී ඒ එලියෙන් දකින්නට ජීවිතය
තුන් තිස් පැයේ දැල්වූ කරවූ
දොලොස්මහේ පහන් සිළ ඔබය..

දියවී යන්නට මත්තෙන්
අවසන් කඳුලු බිඳුවත් නිහඬව
දෝත පා ලංකර මා මුව
පරිස්සමට හිනස්සූ මේ වත කමළ මත
ගල්වා නහවා සෙනෙහසේ ඔසු පැන්
සුවපත් කල ජීවක ඔබය..

සංසාරේ ආත්ම ගානකට
පැතුම් පොදි කැඳවා පුරවා
දැවටෙමින් සනහමින්
මා ලඟ රැඳෙන රැකදෙන
සදාදරණීය මගේ හිමිසඳ
සත්තයි
*
*
ඔබය..ඔබමය..

Wednesday, June 27, 2012

සත්තයි ආදරෙයි මහ හුඟක්..




එක දවසක් අහම්බෙන් වගේ ..
ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ
මගේ හිත ගිහින් නතරවෙද්දි
නිකමටවත් හිතුනෙ නැහැ
ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල..
ඒත් දවසක දෙපාරක් නොහිතම
කාලයක් තිස්සෙ එකතු කරපු
මහ හුඟක් බලපොරොත්තු අරන් ගිහින්
ඔයි පපුව උඩ අතෑරල
සැහැල්ලුවෙන් මම බලන් උන්නා..
මගේ රත්තරන් මට පතිනිවර අරන්
මා ලඟට එනකල්
ඒ වගේම ඔයා ඇවිත්
මේ පුංචි කෙල්ලගෙ අපිලිවෙල ආදරේට
ලස්සන පිලිවෙලක් ගෙනත් දුන්නා
එදා ඉඳල මගේ රත්තරන්ගෙ වෙලා
හිත පුරා පිලිවලට
ආදරේ කරද්දි තුන් හිතම නිස්කලන්කයි..
ඇත්තමයි සුදු මහත්තයො ;
දැන් ඉතිං මගේ හද ගැස්මත් ඔයා
මම තරම් සතුටින් ඉන්න කෙල්ලක්
මේ ලෝකෙ කොහේවත් නෑ..
ඔයාට  ගොඩා..රියක්  පින්
මම පතපු ආදරේ 
මම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..

මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මේන් මෙච්චරක් කියල කියාගන්න බැරි තරම් මහ හුඟක් ආදරෙයි..
ආදරෙයි ආදරෙයි ආදරේම ආදරෙයි..!!!



Wednesday, April 11, 2012

සුභ නව වසරක් වේවා..



ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට බත බුලතින් සරු කිරියෙන් පැණියෙන් ඉතිරෙන අසිරිමත් සුභම සුභ  නව වසරක් වේවා..!!!

Thursday, April 5, 2012

නුඹ හින්දා මං..



මහ හුඟක් සිතුවිලි
ඔය ආලවන්ත ඇස් ලඟ
දියවෙලා යද්දි
ඔබ ඇවිත් මේ හිතේ තැනක
කඳවුරු බැදගන්න ඇති..
එදා පටන්
රෑ අඳුරට ගැස්සෙන හිත
මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ
හීතලෙන් ගල් ගැහෙනකල්
නුඹ ගැනම හිත හිත
නිදි වරන්නත් ඇති..
ඒ කාලෙදි
කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව
හඬමින් සොයන කිඳුරිය වගේ
වරින් වර හිමි අහිමි වුනු
ඔබව මම
සොයන්නත් ඇති..
දැනටත්
සිරවෙවී පොඩි වෙවී හරි
අනේ නුඹ හින්ද
කඳුලු බිව්ව ඇස්
මේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..

Sunday, April 1, 2012

හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එලියෙන්..



හදවතේ හරි මැද
ඔය ආදරය සලකුණු කරගෙන
මග බලන් හිටියා මම
බොහෝ කල්
ඔබ එනතුරු
යලි මා සොයාගෙන..

දිගැටි නෙතු අයිනක
කැටි වී දිලිසුනු කඳුලු බිංදුව
වැටී කම්මුල් දිගේ රූරාගෙන
බදා ගත්තා
ඔබ හාදු දුන්
මේ රෝස කම්මුල..

සිරකොට සුරතින් අල්ලාගෙන
ආ ජීවිත මගක කෙලවර
පාලු වී තනිකම දැනෙන විට
හිත දිව ගියා යලි යලිත්
නතර වන්නට
කඳුලු ඉවුරක..

මට හිමි නොවී වරින් වර
මගෙන් ඈතට උදුරගෙන යන
සැනසීම සොයා
නිතරම
ලත වුනා මම
දෛවයට දොස් පවරගෙන..

***

හඬ හඬා තැවෙමින් හරි
සොයාගත් ඒ ආදරේ අතැතිව
මග බලන් හිටි දවස අරගෙන
එනවලු ඔයා අද හෙටම
මගේ ඇස් දෙක ලඟට

හෙට හිරු පායෙන්නෙ එතකොට
ඔබේ රැස් එලියෙන් මගේ මිදුලට
ඉතිං රත්තරං කොච්චර වැලපුනත් මම
තව පැය කීයද වියලෙන්නට
මේ ඔක්කොම කඳුලු කැට


***



Thursday, March 29, 2012

ළා සඳ එලියේ...



නා මල් පෙති මත ලා නිල් පාට සඳ එලිය තැවරිලා..මල් පෙති වල සුවඳ සඳ එලිය දිගේ ඔයත් මමත් තනිවුන මේ පුංචි කුටිය වටේ පාවෙනවා.. කවුලුව දිගේ අනවසරයෙන්ම ඇතුලු වුනු නිල් සඳ එලියට ඔයාගෙ වටකුරු ඇස් දෙක දිලිසෙනවා.. හරියට ඒ සුන්දර සඳ එලිය නාමල් සුවඳ  එක්ක එක්කහුවෙලා අපි දෙන්නට ඔච්චම් කරනව වගේ..

දිග හුස්මක් අරන් මම උත්සහ කලේ ආයෙත් ඒ සුවඳ ආත්මයටම විඳගන්න..ඒත් ඒ නාමල් සුවද වෙලා මට දැනුනෙ ඔයාගෙ සුවඳ..මගේ සිරුරෙ ගෑවි නොගෑවි අකීකරු ඇස් අගින්මා දිහා බලන් උන්නූ ඔයාගෙ ආත්මීය සුවඳ..ලා එළියෙන්  ඔයාට නොපෙනුනත් ඔයාගෙ ඇස් දෙකේ තිබුන කාන්සියට මගේ මුළු මුහුනම රතු වෙන්න ඇති..

මම මොහොතක් ඔය ඇස් දිහා බලන් උන්නා..මට දැනෙන්නෙ පුදුමාකාර සංතෝසයක්..ආත්ම ගානක බැඳීමක් නැවතත් රන් හුයකින් බැඳිලා මේ ආත්මෙත් මගේම වෙලා කියල මට දැනුනා..මගේ හද දෙවොලෙ මෙච්චර කල් හිස් වෙලා තිබුනු පූජාසනයට සුබ මොහොතින් වැඩිය දේවතාව ඔයා වෙලා...අද ඉදන්.. මේ මොහොතේ ඉදන් ..හමුවන හැම මොහොතකම ගෙවන හැම තත්පරයකම මගේ හිත ලඟ ඉන්නෙ ඔයා..මට ආදරේ කරන්න මාව රැක බලා ගන්න මට මේ ජීවිතේ කියල දෙන්න හරියටම කිව්වොත් මගේ සැප දුක බෙදාගන්න ඉන්න මගේ අම්මයි අප්පච්චියි ඔයා..මට ඇස් දෙක පියාගෙන වුනත් මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම පැතුමක්ම ඔයාගෙ දෙපාමුල ගෙනත් තියන්න තරම් විශ්වාසවන්ත රත්තරං හිතක් දැන් මගේම වෙලා..

ඉතිං දැන් දැන් මේ රාත්‍රියට ඔයාටයි මටයි පමනක් ඉඩ දීල තරු එළි පවා සැඟවිලා ගිහින්..නා පෙති සිප ගත්තු නිල් සඳ මඩලත් මල් යහනෙ සැතපෙන්න සූදානම් වෙලා. ඉඳිකටු තුඩක් වැටුනත් ඇසෙන නෑසෙන තරමටම මුලු පරිසරයම සුව නින්දට ගිහිල්ලා..මුලු වටපිටාවම ඒ තරම් නිසංසල වෙලා තිබුනත් වෙන කවරදාටත් වඩා මගේ හිත හොඳටම නොසන්සුන් වෙලා.. මෙතුවක් කල් දඟ පාපු පුංචි කෙල්ල අද ඔබේ පතිනිය වෙලා ඔබේ හිත අද්දර ජීවිතේ අයදිනවා.... ඉතිං මේ සීතල සුමුදු රාත්‍රිය සීරුවට විඳගන්න හිතාගෙන ජීවිතේ ප්‍රථම වතාවට ඔයාගෙ දෙපා මත හිස රඳවගෙන මම දෑස් පියාගත්තා.. හ්ම්ම්  හිතට දැනුනෙ නිමක් නැති සැනසීමක්..


ළා සඳ එලියේ...
නා පෙති හැලිලා...
නාමල් සුවඳයි විහිදෙන්නේ...
මා දිවි රැය සුවඳින් මල් පුබුදා...
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...

මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ
පිළිසරණත් ඔබමය වන්නේ...
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබවේ...
ඔබගෙනි සැප දුක විමසන්නේ...

ළා සඳ එලියේ...

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ..
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳුනේ..

 
ගායනය: නිරංජලා සරෝජිනි



 

Sunday, March 25, 2012

මම..



පද වැලක් සොයමි මම
නොලියවූ කවියකට
එලි වැටක් නැති වුනත්
තේරුමක් වී ගැයෙන
..
සිතුවමක් අඳිමි මම
නිම නොවූ සිතුවමට
වර්නයක් නැති වුනත්
නිමාවක් වී පේන
..
ගීතයක් ගයමි මම
තනුවකට පද බැඳන
තාලයක් නැති වුනත්
පාලුවක් නොම  ගේන
..
ආලයක් සොයමි මම
හිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
..
සිහිනයක් දකිමි මම
සිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
..
කාලයක් සොයමි මම
පතා ඔබ වෙත එන්න
ලඟදීම නැති වුනත්
කවදාක හෝ මේම
..
සැනසුමක් සොයමි මම
මෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....