Pages

Monday, December 13, 2010

ඔබ දන්නේනෑ..



අකුර අකුර හැඩ කර කර
ලියු පුංචි කවි දහසට
තාල තියපු පද වැල නුඹ
ඔබ දන්නේ නෑ..

පුංචි පුංචි හීන මවල
හිත ගව් සිය දුර යනකොට
මුලු හීනෙම පැහැයයි නුඹ
ඔබ දන්නේ නෑ..

මලින් මලට රටා තියල
බුදුන් පුදපු මල් අතරේ
නුඹ වෙනෙවෙන් පැතු පැතුම්
ඔබ දන්නේ නෑ..

හොරෙන් හොරෙන් මගේ හිතම
මේ තරමට හැඩ කරවන
නුඹට ආදරේ තරමක්
ඔබ දන්නේ නෑ..

ඔබේ සුදු නෙළුම මම..


මගේ ආදරේ හරිම පිවිතුරුයි
හරියට සුදු නෙළුමක් වගේ ..
මේ සුදු නෙළුම පේ වුනේ
ඔබේ පුදසුන හැඩ කරන්න ..
පිපුනෙත් ඔබ වෙනුවෙන්මනම්
පරවෙන්නෙත් ඔබ නමින්ම බව
සපථ කරගෙන ..
සුවඳ නැතුව ලස්සන නැතුව
මිලින උනොත් දිනක
අමතක නොවේවි ඔබට ..
ජීවිතෙ හැඩ කල
ඔබේ මේ සුදු නෙළුම..

දඟකාර ආදරේ ..



ආදරේ බව දැනුනත් ඔබ මට
මේ තරම් යැයි සිතුවෙ නැහැ මම
හෙමිහෙමිට මවපු හීන කන්ද
මෙච්චරටම බර ඇයි මේ පොඩි කෙල්ලට
කප්පරක් හීන මවල මේ තරමට
මාලිගා මවන හැටි හීන ලෝකෙක
සුදු පිරුවට ගෙන
වඩින්න ඒ ලෝකෙට
ආසාවෙන් ඉන්නෙ තවමත් මේ කෙල්ල
හැඩකර කර හුරතල් වෙවි
පුංචි හුරතල් කොලු පැටියෙක් වගේ
කියනකොට ඒ හීන ගැන
අමතකයි හිතේ තියෙන හැම දුකක්ම
ඒ වගේම තමයි
චුට්ටක් තරහ ගියාම
පුංචි ඇස් දෙක රතු කරන් ඔරවනකොට
සුදු මුහුන රතුවෙලා දුක හිතෙනකොට
ආදරේ හිතෙනව වැඩි වැඩියෙන් මට
මේ පුංචි විසේකාර දඟ මල්ලට
කුසගින්නෙ හරි ඔය දෙපා මුල
ඉන්නට ඇත්නම් ඔබ ලගින්ම මට
අමතක කරන්න පුලුවන්
මුලු ලෝකෙම මොහොතකට
සුන්දරනම් ආදරේ මෙතරමට
කෙසේ යන්නද
ඔබ හැර මා දුරකට
අද මෙන්ම ඊටත් වැඩියෙන්
ආදරෙයි
මතු මතුවටත්
ඔබට..

Friday, December 10, 2010

මගේ සඳ



පෙම් බඳිමි මම
මගේ සිත් අහසට
සඳක් වී පැයු නුඹට
නමුදු කිසිදින
බැස නොයනු මැන
අමාවක වී මා තනිකර

තාමත් මම ආදරෙයි..


ඔයත් එක්ක ඇවිදන් ගිය මාවත් වල
අද තනියම යනකොට
තවමත් හැරි හැරී බලන්නෙ
ඔයා මගේ පසුපසින්වත්
ඇති කියල හිතෙන හින්දා...
වෙනදට නැවතිලා කතාකරන
බස් හෝල්ට් එක දැක්කම
අයෙත් මම හැරිල බලන්නෙ
ඔයා අහම්බෙන්වත් එතන
ඇති කියල හිතෙන හින්දා...
ඒත්,
ඇත්තටම කවමදාවත්
ආයෙත් මම වෙනුවෙන්
මගබලන්නෙ නැහැ කියල දැනුනම
මේ ඇස්වලට කදුලු වැටෙන්නෙ
තවමත් මම ආදරේ හින්දා...
ජීවිතේම අපායක් වෙලා
තවමත් මම ජීවත් වෙන්නෙ
සත්තයි !
මැරුනොත් ඔයා මට කවමදාවත්
දකින්නවත් නොලැබෙන හින්දා...

අහම්බෙන්, ඔබ හමු නොවී තිබුනානම්....


ඉරී පරඩැල් වෙච්ච කොලයක
ඔබ රතෙන් කටු ගෑව කවියක්
අනේ මගේ නෙත නොගැටුනානම්..
අදත් කිසිවක් නොවූ ගානට
සිනසීගෙන බිම බලාගෙන ..
යන්න තිබුනා අහම්බෙන්,
ඔබ හමු නොවී තිබුනානම්....