මන්දාරම් අදුරත් එක්ක එන සීතලට..
ගැස්සෙයි සියොලගම
ඔබ උන්නට මා ලගම..
රත් පැහැයට හැරෙමින් නිදන්නට පෙර හිරු
බබලවයි ඔබෙ වත හරිම සුන්දරව
වෙනසක් නැතුවම..
අතොරක් නෑරම නැගෙන බිදෙන රළ
පමනි බිදින්නේ
මේ අපේ නිහඩ බව
පෙරදා වගේමයි හැමදේම..
නමුදු
තවමත් නිහඩයි මගේ රත්තරන් අද ඔබ..
කොහිද පෙරදින තිබූ ඔබේ
මහමෙරක් පරයන සෙනෙහස..
ඔබ කවි ලියන්නේ මුලින්ම ඡායාරෑපයක් ලබාගෙනද?
ReplyDeleteමේකටනම් ඡායාරූපය ගත්තෙ කවිය ලියල ඉවර වෙලා..එහෙම ලියවුන ඒවත් තියෙනවා..
ReplyDelete
ReplyDelete_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ :)