Pages

Thursday, December 30, 2010

ඔබේ ආදරේ පමනයි මට..





මල් පෙත්තකට පිනි බිඳුවක්
බර වැඩි නැහැ කිව්වට.
ඒක හරියටම දන්නෙ
මල් පෙත්ත විතරයි..
මගේ පුංචි හිතට ඔයාගේ
ආදරේ බර වැඩි නැහැ කිව්වට..
ඒක හරියටම දන්නෙ
මගේ හිත විතරයි..
එහෙනම් ඇයි කියන්නෙ
හිතන්නෙපා කියල මට..
සැරින් සැරෙ ඇවිත්
සිබිනකොට මගේ හිත පතුලම..
පුලුවන්ද සැහැල්ලුවට ගන්න
ඔබේ ආදරය මට..
කිව්වට දහදොලොස් පාරක්
ආදරෙයි කියල දවසකට..
දවසකට කීපරක් පිච්චෙනවද
ඔබ මට නැති වෙයි බයට ..
මහ පොලවම හිස මත වගේ
දැනෙන කොට ඔබ නිසා මට
සමනල තටුවක සැහැල්ලුව ගන්න
අමාරුයි නේද හිතට ..
එහෙනම් කියන්නෙපා
හිතන්නෙපා කියල මට වැඩිපුර ..
හිතනවා මම තව ගොඩාරියක්
අපි දෙන්න ගැන
ඇස්වහක් නැහැ රත්තරන්
අපේ ආදරයට..
සත්තයි
ආත්ම හතකට ඔබේ ආදරය
පමනයි මට..

2 comments:

  1. අතහරින්නත් පුරුදුකරල තියා ගන්න එක කෝකටත් ඇගට ගුණ බව මේ පද පේළි ටික කියවපු පසු මට වැටහුනි....

    ReplyDelete
  2. එහෙම හිතලනම් ලියවුනේ නැහැ..ඒත් දැන් නම් කිය්වද්දි මටත් එහෙම හිතුනා..

    ReplyDelete