Pages

Monday, December 13, 2010

ඔබ දන්නේනෑ..



අකුර අකුර හැඩ කර කර
ලියු පුංචි කවි දහසට
තාල තියපු පද වැල නුඹ
ඔබ දන්නේ නෑ..

පුංචි පුංචි හීන මවල
හිත ගව් සිය දුර යනකොට
මුලු හීනෙම පැහැයයි නුඹ
ඔබ දන්නේ නෑ..

මලින් මලට රටා තියල
බුදුන් පුදපු මල් අතරේ
නුඹ වෙනෙවෙන් පැතු පැතුම්
ඔබ දන්නේ නෑ..

හොරෙන් හොරෙන් මගේ හිතම
මේ තරමට හැඩ කරවන
නුඹට ආදරේ තරමක්
ඔබ දන්නේ නෑ..

6 comments:

  1. ෙම්ක සාකච්ඡා කළ යුතු ප්‍රෂ්ණයක්. :)

    ReplyDelete
  2. මට තේරුනේ නැහැ..හේතුව කියන්න පුලුවන්ද?

    ReplyDelete
  3. ඔබ ෙලාකු අර්තයක් තිෙයන කවියකට ළමයින් ෙදන්ෙනක් ඉන්න පිංතූරයක් දැම්ෙම අැයි?
    ඔබ එ්ෙකන් ෙයාමුෙවන්න හැදුෙව ෙකාතනටද?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ළමයි දෙන්නා නෙමෙයි.. ඒ දෙන්නාගේ ආදරය දිහා බලන්න.

    ReplyDelete
  6. @ hishan:පුංචි කාලෙ ඉඳන්ම හිතෙ මැවුන ආදරයක් ගැන..

    ReplyDelete