Pages

Wednesday, January 5, 2011

භාවනාවක් වගේ වරුවක්ම සිහිකරන හිතට ආවිට ඔබ ..


ඉස්පාසුවක් නැති හිත හරිම සන්සුන්
භාවනාවක් වගේ වරුවක්ම සිහිකරන
හිතට ආවිට ඔබ ..

රටාවකට ගෙත්තම් උන හිත හරිම පිලිවෙලයි
මාලයක් වගේ එකින් එකට මුතු අමුනන
ඇවිදින් හිදිනවිට ඔබ ..

දෙසවන් සනහන ස්වරයට තුන් හිතම නිවමින්
පරිස්සමට ගැයෙන මිහිරි ගීතයක් වගේ
දොඩමලු වනවිට ඔබ ..

හත් දොහක් එක පිට වට වැස්සකින්
සෝදා ගිය මහ පොලව වගේ අපිලිවෙලයි
යනවිට ලග හිඳ ඔබ ..






7 comments:

  1. මේක කෙල්ලෙක් කොල්ලෙක්ට ලියන පද වැලකට වඩා කොල්ලෙක් කෙල්ලෙක්ට ලියන දෙයක් වගේ......

    ReplyDelete
  2. ලස්සනයි ..ඇත්තටම

    ජය වේවා !!

    ReplyDelete
  3. ඔයාගෙ අදහස්නම් සුපිරියි නගා.අනිත් ඒවත් නිවාඩුව බලන්න ඕනෙ.

    ReplyDelete
  4. @ hishan:මමත් එහෙම අදහසකින් තමා අයියා ලියුවේ :)

    @ හිස් අහස :ස්තුතියි සඳරු :)

    @ dinesh: ස්තුතියි අයියා..නිවාඩුවක් තිබුනොත් බලන්නකො..

    ReplyDelete
  5. මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ.....

    තව තව ලියන්න..නියමයි...

    ReplyDelete
  6. කවි පෙලම හරීම ලස්සනයි...අන්තිම පද පෙලට තමා මම ගොඩක්ම ආස...
    ඔයාගෙ කවි හරිම ලස්සන ඒවා...දිගටම ලියන්න

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි නෙතු..

    ReplyDelete