Pages

Monday, February 21, 2011

නොකියාම ලැගුම් ගත් සෙනෙහසක අපුරුව..



හීනියට හිනාවෙන
ඔබේ නෙතු යුග මත
මොහොතකට මගේ සිත
අතරමන් වුන අපුරුව..
නීල ආකහෙනුත් එහා
ඒ තරු නෙතු සමග
මගේ සිත ගව් ගනන්
ඉගිල ගිය අපුරුව..  
අහිමි බව දැන දැනත්
යන්තමට සසල වුන
රත්තරන් හීනයක අපූරුව..
හීනයක් වෙලා විත්
නොකියාම ලැගුම් ගත්
දයාබර සෙනෙහසක අපුරුව..
  

3 comments:

  1. හීන හරිම පුදුමාකාරයි. විටෙක අපිව හඩවනව විටෙක අපිව හිනස්සවනව. ඉතින් අපිව හඩවන, හිනස්සවන හීන අපි මැරෙනකොට, කවද හරි, මේ පස් යට, අපිත් එක්කම වැලලිලා යාවි. නැවතත් සංසාරෙ තවත් එක් නැවතුම් පොලක මම, ඔබ, අපි වෙනත් නමකින්, වෙනත් ස්වරූපයකින් හමුවේවි. එය කෙතරම් ආශ්චර්‍ය ජනකද? එයම ඔබේ කවියෙහි නියම අර්තය නොවේද?

    ReplyDelete