Pages

Monday, October 10, 2011

සත්තයි ඔබ මගේමයි..



ආදරේ පින්නටවත් නොතෙමුනු හදවත
ධාරානිපාත වැස්සක් වෙලා
වැටෙනකොට ඔබේ සෙනෙහස
ආත්ම හතකට ඔබේ ආදරේ අස්වද්දන්න
මට හිතුනා..
 
ආදරේ කදුලක්වත් නැතුව වියලුනු හදවතට
සෙනෙහසේ දියවර වෙලා
ඔබ ගලනකොට
ආත්ම සීයකට ඔබේ වෙන්න
හීනයක් මැවුනා..
 
පාවෙන ජීවිතයක් හරි පරිස්සමට අරන්
ඔය හිතේ නතර කර ගන්නකොට
සදහටම ඔය උනුහුමට ලංවෙන්න  
ලෝභකම් හිතුනා.. 

ජීවිතේ පලවෙනි වතාවට
මේ තරම් ආත්මාර්ථකාමි වෙලා
ඔය සෙනෙහස මගේම කරගන්න
සත්තයි
මට  නම් හිතුනා..

4 comments:

  1. ආදරේ එක වෙලාවකට හරිම ආත්මර්ථකාමීයි.......අම්මගේයි තාත්තගෙයි හිත් රිදවල ආත්මාර්ථකාමී උනා මමත් ......

    ReplyDelete
  2. මේ ටික කියවල twitter එකේ ගෑනු ළමයෙක් දාපු status එකක් ලියන්න හිතුන. ඒකෙ කියල තිබුනෙ,

    "love is only a stupid dirty trick played on us to achieve continuation of the species !"

    කොහොමද වැඩේ?

    ReplyDelete
  3. ලස්සනම ලස්සනයි...ආදරේ එක එක විදියට අපි හැමෝම වින්දත්, ඒක මේ තරම් ලස්සනට අකුරු කරන්න හැමෝටම බෑ...
    මමත් ආදරේදි නම් පුදුම තරම් ආත්මාර්ථකාමීයි, ඇත්තටම...

    ReplyDelete
  4. @ ඔබ නොදු‍ටු ලොවක්..... :- හ්ම්ම්ම්..

    @ Hishan Melanga :- හෙහෙ..අනේ මන්දා..

    @ නෙතු :- ස්තූතියි ඔයාට..

    ReplyDelete