Pages

Thursday, December 1, 2011

යලි දකින තුරු ඔබ..



හදවතේ හිස් තැනක්
ඔබ ඇවිත් පුරවද්දි
හිතුවටත් වඩා ඉඩ
ඒ හිතෙන් ඉල්ලද්දි
නොදැනීම තවත් දින
දෙක තුනක් ගත වෙද්දි..
හිතම නතු කරන් ඔබ
මට තවත් ලන්වෙද්දි..

සිනාසුන ඇස් වලින්
කඳුලු බිඳු මතු වුනා..
සැනසුමෙන් එහා ඔබ ගැනම
සිත ලත වුනා..
මගේ ඇස් මේ තරම්
ඔබ නමින් වැළපුනා..
ඔබ ගිහින් බොහෝ දුර
යලිත් මා තනි වුනා..

යලිදු ඔබ දකින තුරු
මග බලන් ඉන්නෙමි..
නැ සියන් හිතවතුන්ගෙන්
කඳුලු සගවමි..
දොර අගුලු ලා හිතට
ඔබ නමින් ඉන්නෙමි..
ඔබට දුන් පොරොන්දුව
පන මෙන්ම සුරකිමි....

7 comments:

  1. ඔයා මේ රචානා වලට කියන්නෙ නිසදැස්ද කවිද මොනවද?
    ඔයා මේ ලියන දෙවල් මට නම් දැනෙන්නෙ නිකම් ඇත්තම ඇත්ත වගේ?

    ReplyDelete
  2. හිතට දැනෙන පද පේලියක්...

    ReplyDelete
  3. ලස්සනයි.. වෙනස් විදිහක ලිවීමක්..

    ReplyDelete
  4. @ Hishan Melanga:මම කවිකාරියෙක් නෙමෙයි සහෝ..ඒ නිසා රචනාවක්ද දන්නෙත් නැහැ..:D ඒත් කීපයක් ඇරෙන්න ලියන දේවල් ඇත්තම ඇත්ත තමයි..

    @ නරකයා.... :ස්තූතියි යාලු..අලුතින් නේද මේ පැත්තට..පුලුවන් වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්නකෝ..

    @ Dinesh:ගොඩක් ස්තුතියි යාලු..මේ පැත්තට ඇවිත් ගියාට ගොඩාක් ස්තූතියි..

    ReplyDelete
  5. කාළෙකට කලින් නම් මේක මටම ලියවුනු නිසැදැසක් වගේ.. හැබැයි දැන් එහෙම නෑ ;)

    ReplyDelete
  6. පොරොන්දුව ජීවිතය මෙන් වටි මට.

    ReplyDelete