Pages

Monday, December 12, 2011

හෙට අලුත් අලුයමක් !!

රෝස පාට වලාකුලක් ඉර බැසයන බටහිර අහසට වර්ණ ඉසින කොට පුන්චි කුරුල්ලො  රෑන් රෑන් උන්ගෙ කැදලි වලට ඉගිල්ලුනා..හිරු නැතුව පිපෙන්න ලැජ්ජාවෙන් මැලවෙන රෝස පාට නිදිකුමබා මල් හීන් සීරුවේ  නින්දට යන්න සැරසිලා.. 

රස්තියාදුවේ ඉගිලෙන සමනලයෙක් අරියාදුවට වගේ මැලවුනු නිදිකුමබා මලක්  ලඟ නැවතිලා සමච්චලේට  හිනාවෙලා යන්න ගියා..

ඉරත් එක්ක පිබිදුනු බොහෝ දෙනා ඉරත් එක්කම නින්දට යන්න සුදානම..ඔබත් එක්ක පීදුනු මම ඔබ නැතුව තාම කොරිඩෝවෙ පුටුවට වෙලා මග බලාගෙන.. මිනිස්සුන්ගෙ ජීවිත කොයිතරම් නම් පාලුවෙන් තනිකමින් පිරිල ඇත්ද කියල දැනෙන්නෙ මෙන්න මේ වගෙ වෙලාවට.. කොහොම උනත් මේ පාලුවට මම දැන් ගොඩාක් ආදරෙයි..

නිස්කලන්කව ඔහේ බලාගෙන හිතට එන දෙයක් හිත හිත ඉන්න මම කවදත් කැමති කෙනෙක්..මේ හුදකාලව..මේ තනිකම කොහොම මට දැනුනත් මේ හැමදේටම මම හරිම ආදරෙයි.. මේ පාලුවට විරාමයක් දෙන්න මට ඕනෙ කමක් නැහැ.. ඒත් මේ තනිකමට වාරුවක් වෙන්න එකම එක රුවක් මගේ හිත මත්තෙ මැවෙන වාර  අනන්තයි..අප්‍රමානයි..

හ්ම්.. .. ..

වෙන කවුරුත් නෙමෙයි ඒ ඔබ .. ඔව්.. ඒ ඔබ..

හැමදාකම උදේට  රැස් විහිදන් පායන හිරුට කවදාවත් අමතක උනේ නැලු  සමනල කන්ද වටේ වටයක් ගිහින් එන්න..හැමදාකම හිමිදිරියෙ මේ ඇස් පිබිදෙන්නෙත් ඒ වගේම ඔබේ රුව වටේ රැස් වළලක් වගේ දැවටෙන්න හිතාගෙන.... හිරුත් එක්ක අවදිවෙලා හිරුත් එක්ක පේ වෙලා පිපෙන මල් කැකුළක් ආඩම්බරේට පෙති සලන්නෙ හැමදාම ඇය බලන්න රන් සමණලයෙක් එන නිසා ලු.. ඒ උනත් මල් කැකුළෙ මම නම් කල පින් තවත් මදි..හැමදාම ලඟ දැවටෙන්න  මගේ පුන්චි සමණලයා එන්න නම් තවත් ප්‍රමාදයි වගේ.. ඒත් ඉතින් අඩමානෙට වුනත් බලන් උන්නෙ අදවත් මගේ දෑස් මානයේ ඒ දිලෙසෙන වටකුරු ඇස් දෙක පිපෙනකම්..

ඒත් දැන් පරිසරයම අදුරෙ ගිලිල ඉවරයි.. හ්ම්.. පැහැදිලියි..මේ තනිකම අදත් මට උරුම වග.. හැබෑවටම අදත් ඔබ මට පමා වූ හීනයක් පමනක්ම වග හරිම පැහැදිලියි ..

යාන්තමට බොදවීගෙන එන නෙතු අගිස්ස පිට අත්ලෙන් පිහදාගෙන ඔබේ පුන්චි නිදිකුම්බා මලත් අදුරට ඉඩ දීල කාමරේට යන්න ගියේ අදත් හීනයක් විතරක්ම වුනු ඔබ හෙට හිමිදිරියෙවත් මේ දෑස මානයේ පිපේවි යන සුන්දර සිතුවිල්ලත් එක්ක හෙට නැගෙන නැවුම් දවසට සී සී කඩ විසිරුනු පරණ බලාපොරොත්තු ගොන්න එක මිටකට එක්කහු කරගනිමින්..

"හෙට අලුත් අලුයමක්..වෙන කවරදාටත් වඩා..මිහිමත මල් පිපුනු දවසක්.."




ගායනය: කසුන් කල්හාර

10 comments:

  1. "Never frown, even when you are sad,
    because you never know who is
    falling in love with your smile. "

    ReplyDelete
  2. බලාපොරොත්තුව ජීවිතය ජීවත් කරවයි.. එබැවින් හෙටත් සමණළයා ඒවිදැයි ආදරයෙන් බලා සිටින්න, හෙට නාවොත් අනිද්දා ඒවි යයි බලාපොරොත්තුවක් ඇතිකරගත හැක.

    ඒත් සැමදාමත්....?

    ReplyDelete
  3. මාත් කාලයක් බලන් හිටියා එපා වෙනකන්ම... හොඳ දෙවල් පරක්කුයිලු නේ....

    ReplyDelete
  4. ලස්සනට ලියල තියෙනවා සහෝදරි ජයවේව!!

    ReplyDelete
  5. @Hishan Melanga :mm..that's true.. :)

    @ senna අයියා..:හ්ම්ම් බලාපොරොත්තු තමයි අපේ ජීවිතෙ ඉස්සරහට ගෙන යන්නෙ කියල මටත් හිතන්නෙ..

    @ නරකයා... :මාත් එහෙමයි..ඒත් ලඟදිම එයිද කියල හිතෙනවා..:D

    @අසරණයා : ස්තූතියි යාලු..ඔබටත් ජය

    ReplyDelete
  6. lassanai akki, ada idan oyage blog pituvata ennam..

    ReplyDelete
  7. @ Anonymous :ස්තූතියි නංගි..මම හිතන්නෙ ඔයා නංගියෙක් වෙන්න ඕනා..ආයෙත් ඇවිත් යන්න එන්නකො..

    ReplyDelete
  8. මේ වගේ සොදුරු අළුයම් එනකම් මමත් මග බලන් ඉන්නවා..

    ReplyDelete
  9. කසුන් කල්හාරගෙ මේ සින්දුව අහන හැම වෙලාවකම මගෙ හිතට අලුත් බලාපොරොත්තු ඇතිකරනවා.

    මම සිත්රූ සිහින වෙත ආව පළමු වතාවෙදිම බලාපොරොත්තු ඇති වෙලා ආයෙම ජීවිතේ ගැන.
    ඇත්තටම ලස්සන Post එකක්!

    ReplyDelete
  10. @ Dinesh: අපි හැමෝගෙම ජීවිත එකම වගේ නේද..

    @ අපි අපි වගේ..: මමත් මේ ගීතයට ගොඩාක් කමතියි..කසුන් කල්හාරගෙ හැම ගීතයක්ම වගේ මගෙත් ප්‍රියතම ගීත ලැයිස්තුවට අතුලත්...යාළු හිතේ තියෙන බලාපොරොත්තු වලට ජීවත් වෙන්න දෙන්න..එතකොට අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න හරිම ලේසියි..හීන දකින තරමට අතරින් පතර හරි එකක් දෙකක්වත් සැබෑ වෙයිනෙ..

    මේ පැත්තට ගොඩ වුනාට ඔයාට ගොඩාක් ස්තූතියි..

    ReplyDelete