Pages

Wednesday, December 28, 2011

එන පුර පෝයට ඇවිත් යන්න





එන පුර පෝයට
ඇවිත් යන්න ඔබ
ආසයි ඔය නෙතු
යලිත් දකින්නට..

සීතල කම්මුල්
පිසදා හෙමීට
ආසයි මට
හාදුවක් තබන්නට

සතුටු කදුලු වැල්
නෙතුමත විසිරෙයි
ඩින්ගිත්තක් ඔබ ලග
නැලවෙනකොට

ඔයි සුදු මූනෙ
හිනා කිනිත්තක්
දෙනවද  ආයෙත්
ලග හිඳ යන විට

ඒ ඇති බිඳුවක්
සිත සැනසෙන්නට
ඔබ එනතුරු යලි
අවුරුදු දවසට..


11 comments:

  1. ඔහු නෑ යන්නේ කිසිදා පන්සල්
    තහනම් කලෙ මට බදින්න නූලක්
    එනමුදු පැතුවේ ඔහුගේ ආලය
    ඉවසන් යන්නයී සිටියේ පල්ලී

    එක නත්තලකුත් මට ඔහු සමගින්
    සමරන්නටවත් ඉඩක් නොලැබුනේ
    මේවර නත්තල් දිනයෙදී දෙනුවන්
    කදුලින් තෙත්වී ගියෙ මා නොදනයී

    මගේ සිත සැනසනු බැහැ ඔහු ආවත්
    ඔහු සතුටින් නම් එය ඇති මෙමටත්
    එනභවයෙදී වත් ඔහු සමගින්
    යන්නෙමි වදිනට බුදු රුව බැතියෙන්

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් දෙන්නගෙම කවිටික ලස්සනයි... ස්තූතියි...

    ReplyDelete
  3. පුංචි ඇගිලි පොඩි අතරින් පැටලුනු දගකාර සිනාව ඉගි පා දෑස් පොඩි මා එක්ක පන්සල් එනවද පෝය ලබන කොට...
    පිච්ච මල් සුවඳින් කියඹු වැනෙකොට නුඹෙ කිංකිණි හඩ කෝවිල් යනකොට තනියට ළගින්ම ඉන්නං සත්තට

    ReplyDelete
  4. දෙන්නගෙම කවි ලස්සනයි අප්පා හෙන කථාවක් කියනවා දෙන්න එක්කම හරිම කෙටියෙන්

    නෙතු කදුලැලි ගගුල් සිදී
    මුව අද්දර සිනහ පිරී
    ඔබ දුටු විට මා වේදනා මැකේ
    මිණි කිංකිණි හඩින් කථා
    නිල් නෙතගින් මවන සිනා නිසා
    මා හද මැද අමුතුම ලොවක් මැවේ....

    ඔන්න ඔහොමයි මට මගේ එක්කෙනාව හම්බුනාම හිතෙන්නේ.අපි දෙන්න හම්බුවෙන්නේ මාස 2කට සැරයක්.එයා එහේ මම මෙහේ.දුරින් ඉදන් ආදරේ කරන හැමෝටම පොදු දෙයක් තමයි සිත්රූ අක්කේ ඔයා ලියලා තියෙන්නේ.ජය වේවා....

    ReplyDelete
  5. කවි දිහා බලා හූල්ලමි !!!!

    ReplyDelete
  6. @ බට්ටි: හරිම ලස්සනයි..නත්තලට කවෘ හරි එනකන් බලන් ඉඳියද.. :-)

    @ Senna:බට්ටිගෙ කවි ටික මගේ කවි ටිකට වඩා හැඟීම්බරයි නේද අය්යෙ..මම මේ අද බස් එකේ එනගමන් ඵොනෙ එකේ ටයිප් කල කවියක්..

    @ නරකයා....!! :හරිම ලස්සනයි..

    @ ගැමියාගේ පත් ඉරුව :මගේ පුන්චි කවිය නිසා හැමෝටම කවි මතක් උනා නේද මල්ලි..හරිම ලස්සනයි..

    @ඔබ නොදු‍ටු ලොවක් :අවුලක් නෑ අයියා තව පේලියක් හැදුවනම් ඒකත් කවියක්..:D

    ReplyDelete
  7. සිරාවට අක්කේ එක පහනක් තව පහන් දහසකට ආලෝකයක් වගේ තමයි අක්ක‍ගේ කවියත් තවත් කවි බර ගානකට උල්පතක්

    ReplyDelete
  8. @ අසරණයා: මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා කියනවනෙ.. :)

    @ ගැමියාගේ පත් ඉරුව: ම්ම්.. ඔව් නේද :)

    ReplyDelete
  9. නෙමේ කවි කියවල මගේ මොලෙත් දැන් විකාර වේගෙන යන්නෙ. අනේ හැබෑට තාමත් ගමේ තාලෙට කවි ලියන කෙල්ලනුත් ඉන්නවනේ?

    කවද හරි එයා මේව කියෙව්වොත් ඔයා මොකද කරන්නෙ?

    ReplyDelete
  10. @ Hishan Melanga:ඉතින් මම ගමේ තමයි..ගාල්ලෙනෙ..

    හි හි එයත් බලනව ඉදල හිටල..එයත් කිව්වෙ එයාගෙ මොලෙත් විකාර වෙලා කියල තමා..අනික දැන් එයත් මුල අග නැති කවිත් ලියන්න පටන් අරන්..

    ReplyDelete