Pages

Tuesday, January 17, 2012

මට නැති හිත


හිත වටකර
කොටු කරන්න
බැරි හින්දා මට
වාරු නැති මගේ හිත
උකසට දුන්නෙ ඔබට
නාහම අයිතිකරගනිද්දි
සින්නකරේට
කොහොමද කියල දෙන්නෙ
සන්තකේම එච්චරයි මට
මටම මම නැතිව
හූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..

24 comments:

  1. මෙච්චර ආදරයක්. Text Book Case එකක් වගේ. දැන්මම subject එක (ඔයාව)testing වලට භාජනය කරන්න ඔනේ.

    ReplyDelete
  2. ඒකනං ටිකක් විතර තේරුණෙ නෑ වගේ...

    ReplyDelete
  3. මහගමසේකර කිව්වලු කවිය තුලින් මා නොදකින්න කියල!
    ඔයාටත් එක සත්‍යද??

    ReplyDelete
  4. ඔබ දුටු මුල් දිනේ
    සිතුනේ අදේට ගන්න ඔබේ සිත
    ඔබ දුන් ඵල දාවෙන්
    හිතුනේ සින්නක්කර ගන්න ඔබේ සිත.

    උතුරා යන ආදරේ...

    ReplyDelete
  5. //මටම මම නැතිව
    හූල්ලන මේ ජීවිතේට
    ඇයි ඉතිං වද දෙන්නෙ
    ආදරෙත් ඉල්ලල තව..//

    වෙනස්ම විදියට ලියැවුනු පද පෙළක් !!! හරිම ලස්සනයි

    ReplyDelete
  6. සිතයි ආදරෙයි දෙකක්ද ? සිත සින්න උනාට පස්සේ ආයේ මොකටද ආදරේ ඉල්ලන්නේ..?

    මම ටියුබ් ලයිට්ද මංදා ??

    ReplyDelete
  7. අනේ අක්කේ අදනම් කවිය තේරුම් ගන්න හරි අමාරුයි ඔළුව නිකන් කැරකෙනවා වගේ මම දෙතුන් සැරයක් කියෙව්වා තව ටිකක් හිතලා කවියක් අමුනන්න බලන්නම්....

    ඇයි අක්කේ හිත දීලා ඊට පස්සේ ආදරේ ඉල්ලලා වද දෙන්න එපා කියන්නේ ආදරේ නැත්තම් හිත දෙන්නේ නෑනේ

    ReplyDelete
  8. වෙනස්ම අදහසක් දෙන කවියක්..ලස්සනයි.

    ReplyDelete
  9. ආදරය වෙලාවකට හරි අමුතුයි...

    ReplyDelete
  10. මාතෘකාව කවිපෙල ලස්සනයි...තහනම් වචනය ආදරය .....!!

    ReplyDelete
  11. මුද්දර උඩ අස්සන් කරපුවත්
    හොරෙන්ම සින්න කර ගන්න යුගයක
    නිකම්ම උගස් කල ඔය හිත
    ඇයි වෙන්නේ පුදුම සින්නක්කර කර ගත්තට

    ReplyDelete
  12. ආදරේ සීමාවක් තියෙනවානේ..

    ReplyDelete
  13. @ Hishan Melanga: එහෙමවත් කරල බලමුද එහෙනම්.. ආදරේට මිම්මක් නෑලුනෙ..


    @ නරකයා....!! : ම්ම්..මම කියන්න උත්සහ ගත්තෙ හිත දුන්නෙ ආදරේ එක්කමයි..ඒ ගොඩාක් ආදරේ නිසා..ඒත් තවත් ඇයි අලුතින් ආදරේ ඉල්ලන්නෙ..කොච්චර ආදරේ කලත් මදිද වගේ අදහසක්..හරියටම ඒක ලියවිලා නැත්නම් කනගාටුයි යාලු..ඇත්තටම මේක මම ගොඩක් වෙලා හිතල ලියපු කවියක් නෙමෙයි..කෙලින්ම ලිව්වෙ බ්ලොග් එකේ..


    @ Nuwan Tharaka : ඔව්ව්..ඒක ඇත්ත තමා..මේක කවියක්..මේ තුලින් මාව දකින්න එපා..කියවල රසවිඳින්න විතරමයි..

    ReplyDelete
  14. කොටු කරන්න හිතන්නවත් එපා පව්... ;)

    නියමයි !

    ReplyDelete
  15. @ අසරණයා: හරිම ලස්සනයි..මගේ කවියට හොඳ පිලිතුරු කවියක්..

    @ හිතුවක්කාරි : ස්තූතියි හිතූ යාලු..ඒ කියන්නෙ ඔයාට මම කියපු කවිය තේරිලා නේද..

    @ Senna : සිතයි ආදරෙයි දෙකම එකයි..ඒක තෙරුම් නොගෙන හිත විතරක් මදි කියන කෙනෙක්ටයි අයියෙ මේක කිව්වෙ..ඔයා ටියුබ් ලයිට් නෙමෙයි..හිහි

    ReplyDelete
  16. @ ගැමියාගේ පත් ඉරුව : මම මේ කවිය ලියද්දි හිතුන දේ තමයි මල්ලි කෙනෙක්ට මුලු හිතම දීල කොයි තරම් ආදරෙන් හිටියත් ඇයි වෙලාවකට ඒ හිත තේරුම් නොගෙන ආදරේ නෑ කිය කිය චෝදනා කරන්නෙ කියන එක..එහෙම හිතන් තමා ලියන්න උත්සහා කලේ..කොයි තරම් උත්සහය සාර්ථකද දන්නෙනම් නෑ..හැමෝටම නොතේරුන නිසා මම ආසර්ථකයි කියලත් දැන් නම් හිතෙනවා..

    @ පුංචි කුමාරිහාමි: හ්ම්ම්..අනේ මන්දා..:D


    @ Dinesh: කවිය තේරුනේ නැති නිසාද? :D

    ReplyDelete
  17. @ වින්චැට්කිරිල්ලි.: ස්තූතියි කිරිල්ලියෙ..ආදරේ කියන්නෙ හැමදාම තහනම් දෙයක් නෙමෙයි..අවංක ආදරයක් ලැබුනම තහන්චි දාල හිත හිරකරන්න බැහැ..බලන්නකෝ දවසක කිරිල්ලිත් එක්ක යයි ලස්සන කුරුල්ලෙක් ඇවිත් එයාගෙ කැදැල්ලට..

    @ බට්ටි :හ්ම්ම්..ඒක තමා බට්ටියෝ..ලස්සනයි ..

    @ Vishwaje : හ්ම්ම්..ඒක නොතේරුන වෙලාවට තමා ආදරේ නෑ කියල හිතෙන්නෙ..

    ReplyDelete
  18. @ sAm (සෑම්) : හි හි ඔව් නේද.. පව්..

    ReplyDelete
  19. කරන්නම දෙයක් නැති වෙන කොට අසරණ කමටම සමහර වෙලාවට ඔය විදියට තමන්ටම තමන්ගේ හිත උකස්‌ කරන්න වෙනවා තමයි. ඒත් එක තමන්ගේ හදවතට එකගද නැද්ද කියන එකයි ගැටලුව.....

    ReplyDelete
  20. @ රෙප් මහත්තයා :හ්ම්ම්..ඔව්.. :)

    ReplyDelete
  21. Niramanaya sarthaka wenna eeka tikak notherennath oone..

    ReplyDelete
  22. දැනුයි තේරෙන්නේ අක්කේ දැන් හොඳටම තේරෙනවා...ජය වේවා උත්සහය අසාර්ථක නෑ පොඩ්ඩක් මම බට ලයිට් වුනා හි හි

    ReplyDelete
  23. @ Vishwaje:ඒකත් එහෙමද..වෙන්න ඇති..:D

    @ ගැමියාගේ පත් ඉරුව :හි හි ඔයා විතරක් නෙමෙයි මේකෙ තේරුම හැමෝම අහද්දි මාත් බට ලයිට් උනා..:D

    ReplyDelete
  24. ඔබට හිතැති ඔබ හිතනැති... එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයගෙ මේ සිංදුව මතක් වුණා.. :)

    ReplyDelete