හිත වටකර
කොටු කරන්න
බැරි හින්දා මට
වාරු නැති මගේ හිත
වාරු නැති මගේ හිත
උකසට දුන්නෙ ඔබට
නාහම අයිතිකරගනිද්දි
නාහම අයිතිකරගනිද්දි
සින්නකරේට
කොහොමද කියල දෙන්නෙ
කොහොමද කියල දෙන්නෙ
සන්තකේම එච්චරයි මට
මටම මම නැතිව
මටම මම නැතිව
හූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..
මෙච්චර ආදරයක්. Text Book Case එකක් වගේ. දැන්මම subject එක (ඔයාව)testing වලට භාජනය කරන්න ඔනේ.
ReplyDeleteඒකනං ටිකක් විතර තේරුණෙ නෑ වගේ...
ReplyDeleteමහගමසේකර කිව්වලු කවිය තුලින් මා නොදකින්න කියල!
ReplyDeleteඔයාටත් එක සත්යද??
ඔබ දුටු මුල් දිනේ
ReplyDeleteසිතුනේ අදේට ගන්න ඔබේ සිත
ඔබ දුන් ඵල දාවෙන්
හිතුනේ සින්නක්කර ගන්න ඔබේ සිත.
උතුරා යන ආදරේ...
//මටම මම නැතිව
ReplyDeleteහූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..//
වෙනස්ම විදියට ලියැවුනු පද පෙළක් !!! හරිම ලස්සනයි
සිතයි ආදරෙයි දෙකක්ද ? සිත සින්න උනාට පස්සේ ආයේ මොකටද ආදරේ ඉල්ලන්නේ..?
ReplyDeleteමම ටියුබ් ලයිට්ද මංදා ??
අනේ අක්කේ අදනම් කවිය තේරුම් ගන්න හරි අමාරුයි ඔළුව නිකන් කැරකෙනවා වගේ මම දෙතුන් සැරයක් කියෙව්වා තව ටිකක් හිතලා කවියක් අමුනන්න බලන්නම්....
ReplyDeleteඇයි අක්කේ හිත දීලා ඊට පස්සේ ආදරේ ඉල්ලලා වද දෙන්න එපා කියන්නේ ආදරේ නැත්තම් හිත දෙන්නේ නෑනේ
වෙනස්ම අදහසක් දෙන කවියක්..ලස්සනයි.
ReplyDeleteආදරය වෙලාවකට හරි අමුතුයි...
ReplyDeleteමාතෘකාව කවිපෙල ලස්සනයි...තහනම් වචනය ආදරය .....!!
ReplyDeleteමුද්දර උඩ අස්සන් කරපුවත්
ReplyDeleteහොරෙන්ම සින්න කර ගන්න යුගයක
නිකම්ම උගස් කල ඔය හිත
ඇයි වෙන්නේ පුදුම සින්නක්කර කර ගත්තට
ආදරේ සීමාවක් තියෙනවානේ..
ReplyDelete@ Hishan Melanga: එහෙමවත් කරල බලමුද එහෙනම්.. ආදරේට මිම්මක් නෑලුනෙ..
ReplyDelete@ නරකයා....!! : ම්ම්..මම කියන්න උත්සහ ගත්තෙ හිත දුන්නෙ ආදරේ එක්කමයි..ඒ ගොඩාක් ආදරේ නිසා..ඒත් තවත් ඇයි අලුතින් ආදරේ ඉල්ලන්නෙ..කොච්චර ආදරේ කලත් මදිද වගේ අදහසක්..හරියටම ඒක ලියවිලා නැත්නම් කනගාටුයි යාලු..ඇත්තටම මේක මම ගොඩක් වෙලා හිතල ලියපු කවියක් නෙමෙයි..කෙලින්ම ලිව්වෙ බ්ලොග් එකේ..
@ Nuwan Tharaka : ඔව්ව්..ඒක ඇත්ත තමා..මේක කවියක්..මේ තුලින් මාව දකින්න එපා..කියවල රසවිඳින්න විතරමයි..
කොටු කරන්න හිතන්නවත් එපා පව්... ;)
ReplyDeleteනියමයි !
@ අසරණයා: හරිම ලස්සනයි..මගේ කවියට හොඳ පිලිතුරු කවියක්..
ReplyDelete@ හිතුවක්කාරි : ස්තූතියි හිතූ යාලු..ඒ කියන්නෙ ඔයාට මම කියපු කවිය තේරිලා නේද..
@ Senna : සිතයි ආදරෙයි දෙකම එකයි..ඒක තෙරුම් නොගෙන හිත විතරක් මදි කියන කෙනෙක්ටයි අයියෙ මේක කිව්වෙ..ඔයා ටියුබ් ලයිට් නෙමෙයි..හිහි
@ ගැමියාගේ පත් ඉරුව : මම මේ කවිය ලියද්දි හිතුන දේ තමයි මල්ලි කෙනෙක්ට මුලු හිතම දීල කොයි තරම් ආදරෙන් හිටියත් ඇයි වෙලාවකට ඒ හිත තේරුම් නොගෙන ආදරේ නෑ කිය කිය චෝදනා කරන්නෙ කියන එක..එහෙම හිතන් තමා ලියන්න උත්සහා කලේ..කොයි තරම් උත්සහය සාර්ථකද දන්නෙනම් නෑ..හැමෝටම නොතේරුන නිසා මම ආසර්ථකයි කියලත් දැන් නම් හිතෙනවා..
ReplyDelete@ පුංචි කුමාරිහාමි: හ්ම්ම්..අනේ මන්දා..:D
@ Dinesh: කවිය තේරුනේ නැති නිසාද? :D
@ වින්චැට්කිරිල්ලි.: ස්තූතියි කිරිල්ලියෙ..ආදරේ කියන්නෙ හැමදාම තහනම් දෙයක් නෙමෙයි..අවංක ආදරයක් ලැබුනම තහන්චි දාල හිත හිරකරන්න බැහැ..බලන්නකෝ දවසක කිරිල්ලිත් එක්ක යයි ලස්සන කුරුල්ලෙක් ඇවිත් එයාගෙ කැදැල්ලට..
ReplyDelete@ බට්ටි :හ්ම්ම්..ඒක තමා බට්ටියෝ..ලස්සනයි ..
@ Vishwaje : හ්ම්ම්..ඒක නොතේරුන වෙලාවට තමා ආදරේ නෑ කියල හිතෙන්නෙ..
@ sAm (සෑම්) : හි හි ඔව් නේද.. පව්..
ReplyDeleteකරන්නම දෙයක් නැති වෙන කොට අසරණ කමටම සමහර වෙලාවට ඔය විදියට තමන්ටම තමන්ගේ හිත උකස් කරන්න වෙනවා තමයි. ඒත් එක තමන්ගේ හදවතට එකගද නැද්ද කියන එකයි ගැටලුව.....
ReplyDelete@ රෙප් මහත්තයා :හ්ම්ම්..ඔව්.. :)
ReplyDeleteNiramanaya sarthaka wenna eeka tikak notherennath oone..
ReplyDeleteදැනුයි තේරෙන්නේ අක්කේ දැන් හොඳටම තේරෙනවා...ජය වේවා උත්සහය අසාර්ථක නෑ පොඩ්ඩක් මම බට ලයිට් වුනා හි හි
ReplyDelete@ Vishwaje:ඒකත් එහෙමද..වෙන්න ඇති..:D
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව :හි හි ඔයා විතරක් නෙමෙයි මේකෙ තේරුම හැමෝම අහද්දි මාත් බට ලයිට් උනා..:D
ඔබට හිතැති ඔබ හිතනැති... එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයගෙ මේ සිංදුව මතක් වුණා.. :)
ReplyDelete