Pages

Wednesday, March 14, 2012

සමු දුන් පෙම්වතිය..


එකෝමත් එක දවසක
ඔයාගෙ නිල් පාට ඇස් දෙක
කාටත් හොරා මට රහසක් කිව්වා
ඒ රහස පරිස්සමට හිත කොනක තියාගෙන
නොදන්න ගානට
මම ඔයාට ගොඩාරියක් රිදෙව්ව
ඒ ආදරේ නැති කමට නෙමෙයි
ආදරේ වැඩිකමට
ඔය හිනාවෙන ඇස් දිහා
කාටත් හොරෙන් මම
පැය ගනන් බලන් හිටියා
හිතට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්
මම දස දහස් වර හිතුවා
අනේ ..
ඔයා මගේ වෙනවනම් කියල
ආත්ම ගානක බැඳීමක් 
එදා ඔය ඇස් වල ලියවිලා තිබුන
ඔව් මම කියෙව්ව
ඔය ඇස් දෙකේ ලියල තිබුන හැම දෙයක්ම
හරිම පරිස්සමට මම කියෙව්වා
ඔයා වගේම මමත් දැනන් උන්න
අපේ හිත් අයිති අපිටමයි කියල
සත්තයිමේ හිරිමල් හිත
නැලවුනේ ඔයාගෙ ඔය තරු ඇස් දෙක ලඟ
දාල යන්න බැරි තරමට
මම මටම ආදරේ කරන්න ගත්තෙ
ඔය ඇස් දෙකෙන් කඩා වැටෙන ඒ ආදරේ නිසා
ඒත් රත්තරං මම දැනන් උන්න
මට මේ ලෝකෙට අයිතිවාසිකම් කියන්න
දැන් කාලයක් නැති තරම් වග
කොහොමද මම කියන්නෙ
ඔයා මට ආදරේ කරන්න ගත්තු දවසෙ ඉඳල
ඔයා මට ආදරේ කරපු තරමටම
ඊටත් වැඩියෙන්
මරණය මම ලුහුබඳින වග
මගේ හිත ගොඩාරියක් අසරණයි
මටවත් මම හිමි නැතිව
කොහොමද මම ඔයාට හිමිවෙන්නෙ
මටවත් නැති මගේ  ජීවිතේ
කොහොමද මම ඔයාට දෙන්නෙ
රෑ දිවා නැතිව මම ලතැවුනා
ඒකයි මේ හිතුවක්කරකම..
මම තවත් ගොඩාරියක් රිදවලා
ඔයාට නොකියම ගොඩාක් දුර ගියා
කැමැත්තෙන් නොවුනත්
අකමැත්තෙන් වුනත් යන්න වුනා
ඒත්..
අදටත් රෑට අහස කොනක
පුන්චි තරු කැටයක් වෙලා
මම ඔය ඇස් දෙක කියවන්නෙ
ඔයා පිච්චෙන ගින්දර මට තාමත් දැනෙන නිසා
අනේ මට පුලුවන් වුනානම්
එකම එක පාරක් ඔයා ලඟට ඇවිත්
කියාගන්න බැරි වුන ආදරේ කියන්න
ඔය පපුව බදාගෙන අඬන්න..
වෙනද වගේ ඔයාට හොරෙන් 
ඔය ඇස් දෙක කියවන්න..
කොච්චර මම වාසනාවන්තද?

ප/ලි:මේක ලියන්න විශේශ හේතුවක් නම් නැහැ.. පින්තූරය නිසා ලියන්න හිතුනෙ..

40 comments:

  1. හප්පේ! මේ දවස් වල හැම තැනම බූට්. දාමුද අක්කෙ සපත්තු කොම්පැණියක්.. පාඩු වෙන එකක් නෑ..! ලස්සන කවි පොඩ්ඩ(?) හැබැයි..... නියමයි..!

    ReplyDelete
    Replies
    1. අනේ..බූට් නෑ මල්ලියො..නිකමට ලිව්වෙ..ලස්සන ලස්සන සපත්තු වලටනම් මම කෝමත් කැමතියි.. :P

      මේ දවස් වල ඇත්තටම ඇයි දන්නැහැ බූට් වැඩි..අවුරුදු ලඟ නිසා වෙන්න ඇති..එතකොට තෑගි එහෙම දෙන්න ඕන නෑනෙ..:D

      Delete
  2. ලස්සනයි අක්කේ හැමදාම වගේ .
    ආ උඩම තියෙන කහ රෝස මලට නම් මම හුගක් ආසයි. මම මේ ලෝකෙ ආසම මල.

    ReplyDelete
    Replies
    1. කහ රෝස මලේ තියෙන්නෙ හිත ඇදිල යන අහින්සක ලස්සනක් :)
      ඒ කියන්නෙ මේ ටෙම්ප්ලේට් එක වරදක් නෑ නේද :D

      Delete
    2. උඩම මල එල කිරි. පොස්ට් එකේ අකුරු සුපිරි. පැත්තේ පටිය මදී වගේ. කමෙන්ට් එකේ අකුරු වල පාට හරි නෑ. ඇස් රිදෙනවා.

      Delete
    3. එහෙනම් ආයෙ මට තොරන් බඳින්න වෙන්නෙ..ටෙම්ප්ලේට් සොය සොය.. :S

      Delete
    4. නෑ නෑ අයෙම වෙනස් කරන්න නම් එපා අක්කියෝ මට මොක නැතත් කමක් නෑ අර උඩ තියෙන මල තිබ්බොත් නම් හොදටම ඇති.

      Delete
    5. එහෙනම් අතෑරලා දාමු..ඔයාට රෝස මල ඕනනෙ..he he..

      Delete
  3. මේ වගේ සිද්ධියක් මගේ හොඳම යාළුවෙක්ට වුනා... මගේ යාළුවා(විදුල) කෙල්ලෙක් පස්සෙන් ගියා මාස ගානක් ඒත් කෙල්ල කැමැත්ත දුන්නේ නෑ හැබැයි කෙල්ල අන්තිමේ කියලා තියෙනවා එයාගේ මොලේ සැත්කමක් කරන්න තියෙනවා ඒකට සතියකින් කැනඩා යනවා කියලා....එයා මැරෙයි කියලා විස්වාස නිසයි ආදරේ නොකලේ කියලා විදුල ඒත් එයාට ආදරේ කලා අන්තිමේ එයත් ආදරෙයි කියලා කැනඩා ගිහින් සැත්කම කරලා සතියක් සිහිනැතිව ඉඳලා නැතිවෙලා....විදුල තාමත් දුක් විඳිනවා සාත්තර අහ අහ රට වටේ යනවා දැන් හොඳටම බොනවා මිනිහා සෑහෙන්න වැටිලා ඉන්නේ මොනා කරලවත් හදාගන්න බැරිවුනා තාම...අපේ අල්ලපු ගෙදර ඉන්නේ එයා....

    මම එයා වෙනුවෙන් සිංදුවක් ලියලා යැව්වා කීප දෙනෙක්ට...පසු කාලෙක බ්ලොග් එකේ දාන්නම් පෝස්ට් එකක් විදියටත්

    මා හද රිදවා
    නොසිතූ ලෙසේ
    ඔබ දුර පියඹා
    අද ඇයි ගියේ...

    මා ආදරේ
    ඔබටයි කලේ...

    සැමදාම ඔබ ලඟ ඉඳලා
    සනසන්න මා හිත පැතුවා
    සිතුවම් හැම අද බොඳ වීලා
    ඔබ හැරයන්න මා සිත සිතුවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..කොච්චර පව්ද..මට ආසයි ඒ කතාව දැනගන්න..ඉක්මනට ඒ ගැන පෝස්ට් එකක් දාන්නකො මල්ලි.. :(

      Delete
    2. යාළුවාගෙන් කැමැත්ත අරන් තමයි අක්කේ දානවනම් දාන්න.... ඕන ඒ ගෑනු ලමයාගේ අම්මට දැන් පිස්සු හැදිලලු...මේ සිද්ධිය යාළුවට ආයේ මතක් කරන එකයි අවුල...බලමුකෝ අක්කේ

      Delete
    3. ඇයි බං ගැමි අයියෙ අවංකව ආදරේ කරන එවුන්ටම මෙහෙම වෙන්නෙ..? බලන්න කෙල්ලයි කොල්ලයි දෙන්න ම කොච්චර හොඳද කියලා...!

      Delete
    4. ඒකනම් ඇත්ත මල්ලි..සොබාදහම හොඳ මිනිස්සුන්ව ඉක්මනින් අපෙන් වෙන්කරවනවා..ඒකට හේතුව කවුරුත් දන්නෙ නැතු ඇති :(

      Delete
  4. නියමයි අප්පා, බොක්කටම වැදුනා... කියවපු හොඳම නිසැඳසක්..

    ReplyDelete
    Replies
    1. එච්චර සාර්ථකද..හිතුන ගමන් කෙලින්ම ලිව්වෙ බ්ලොග් එකේ.. :O

      Delete
  5. ලස්සනයි කියල කියන්නම්කො... බූට් එව්ව වදින්නෙ නෑ දැන්... හික් හික්..

    කමෙන්ට් වල අකුරු පාට වෙනස් කලොත් මොකද... අමාරුයි කියවන්න

    ReplyDelete
    Replies
    1. අකුරු පාට වෙනස් කරන්නෙ කෝමද කියල තමයි මමත් මේ බලුවෙ මල්ලි..තාම හොයාගන්න බැරි වුනා..

      Delete
  6. ආහ්...කොල්ලව බය කරයි වගේ

    ReplyDelete
  7. කවිය නම් හරිම ලස්සනයි අක්කා... හරිම සංවේදී..

    ටෙම්ප්ලේට් එකේ අවුලක් නෑ... කමෙන්ට් අකුරු තමා ප්‍රශ්නේ.. :(

    ReplyDelete
    Replies
    1. ම්ම්..තැන්කූ නංගා ..කමෙන්ට් අකුරු හරි වගේ නැද්ද?

      Delete
  8. මමත් බැලුවා මොකද මේ කියලා පින්තුරේ නිසානේ.ලස්සන නිසඳසක්

    ReplyDelete
  9. අක්ක ගියා නම් කොච්චර ලස්සන නිර්මාණ ටිකක් අහිමි වෙනවද......එළ ඈ...

    ReplyDelete
  10. ගැහෙන හද තුල
    වෙන්වීය පන නල
    මා මියෙන කල
    වීය ඔබ මසිත තුල

    ලස්සනයි

    ReplyDelete
  11. මේ ටිකේම කවි සිංදු නසදැස් නොවැ..

    කියවන්න ලේසි හැබැයි කතන්දර වලට වැඩිය ;)

    ReplyDelete
    Replies
    1. කතන්දරයක් ලියන්නත් හිතෙනවා..ඒත් කම්මැලියි මෙයා..:P

      Delete
  12. ඇත්තටම සොදුරු කවි පෙලක් අක්කේ.. මගේ හිතට ගොඩක් ලගයි වගේ දැනුනා මේ කවි පෙල..

    බ්ලොග් එකත් ලස්සන වෙලා.. ඔය කහ රෝස මලත් එක්ක මගේ ලොකු බැදීමක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ආ..ඔව්නෙ..අර හීනෙක කහ රෝස මල් වලින් පාර අහගෙන කොහේදෝ ගියානෙ.. :)

      Delete
  13. දුක් සීන් එකක් වගේ....

    ReplyDelete
  14. හරිම ලස්සනයි අක්කෙ... ආදරේ නිසා පැලෙන්න යනවා වගේ...

    //ඔය ඇස් දෙකේ ලියල තිබුන හැම දෙයක්ම
    හරිම පරිස්සමට මම කියෙව්වා//

    මාත් මෙහෙම කියවලා තියෙනවා.. හුඟාක් ලස්සනයි!!!

    ප.ලි- අක්කිගෙ බ්ලොග් එක වෙනස් වෙලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..කතාවට වඩා ඇස් කියවල හිත් තේරුම් ගන්න ලේසියි හිතූ.. :)

      Delete
  15. හුගක්ම හුගක ලස්සන අදහසක් අක්කෙ.. ලස්සනට ලියලා ඔයා... කියන්න වචන නෑ.. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා..මටත් වචන නෑ ස්තූතියි කියන්න.. :)

      Delete
  16. මේ වගේ කවි කියවනකොටම ඔලුවට එන්නෙ උපුල් ශාන්ත සන්නස්ගලගෙ ස්ටයිල් එක. ‍මෙහමෙ ලියවෙනකොට සිතුවිලිවල ෆීලිං උපරිමයි.

    හුදෙකලා වූ වියෝගේ කවිය පුරා ගලනවා. සංවේදිව ලියනවා. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබට..හැකියාවක් ඇතිවනම් නෙමෙයි කවි ලියන්න හිතුවෙ..පාලුවට..මට ගොඩාක් සතුටු හිතෙනවා මේ කමෙන්ට් දැක්කම.. :)

      Delete
  17. එල. හැමදාමත් වගේ මේ පේලි ටික පපුවට දැනුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිශාන්..ඔයා තමයි හැමදාමත් ඇවිත් මගේ කවි අගය කරල ගියේ..බ්ලොග් එක පටන් ගත්තු කාලෙ ඉඳලම..ගොඩාක් ස්තූතියි..

      Delete