Pages

Sunday, March 18, 2012

ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ..


හරිම හැඩට ඔයා අදත් මගේ නෙත් මානයේ පිපිලා..ඒත් ඔය හිනීයට හිනාවෙන ඇස් දෙක දැක්කම මගේ හිත මහ හුඟාක් කලබල වෙලා ..

අනේ.. කොයි තරම් නම් මම ඔයාට ආදරේ කරනවද..මේ බලන්න මගේ හිත.. හතර වටේටම ලස්සනට මල් පිපිලා.. පුංචි පුංචි සමන්නලු, සීතල සුළං, සුදු පාට පිනි බිංදු වගේම අකීකරු මල් සුවඳත් වෑයම් කරන්නෙ ඔයා මගේ ලඟ ඉන්න මේ සොඳුරු මොහොත තව තවත් සුන්දර කරන්න...මේ බලන්න මගේ හිත පුරා  පිපුනු ලස්සනම මලි කිනිති මම නෙලාගෙන ආවෙ ඔයාට.. එක පාරක් මේ සුවඳ බලන්න..මේ මල් වල හමන්නෙ මගේ හිතේ සුවඳ..ඔයා තාමත් නොදන්න නොවින්ඳ මගේ හිත පුරා පිපුනු ආදරේ සුවඳ..

දන්නවද හැමදාම මම දෙනෙත් පියාගෙන එකම එක හීනයක් දකිනවා..ඒ හීනය පුරා හරිම බරට අඩි තියමින් පපුව පුරා ඔයා සැරිසරනවා.. ඉතිං මම හෙලන හැම හුස්මක් හුස්මක්  ගානෙම මම හිතේ සංයමයෙන්....ඒ පපුව පුරා සක්මන් කරන ඔයා වෙනුවෙන්.. මේ සිහිනය පුරා පාට තවරල කැටයම් ඇන්ද ඔයා කොහොමද මම මගේ පපුවෙ තිගැස්මෙන් නවත්තන්නෙ.. බැහැ මට කොහොමටවත් බැහැ..

ඔයා දන්නවද මෙච්චර කල් මගේ හිත කලුවර වැටුනු  අහසක් වගේ තිබුනෙ.. එකම තරුවක්වත් නැති මගේ මේ හිත් අහස පුරාවටම අද හරිම හැඩට දිලෙන තාරුකාවක් වගේ ඔයා තමයි පායලා ආවෙ.. දැනෙනවා.. හෙමීට මගේ දෙසවන් ලඟ ඔයා මොන මොනවදෝ මුමුනවා.. ඒ මොනාද මට හාන්කවිසියක් නැහැ..ඒත් මුමුනන වදන් වලින් හිත තිගැස්සෙනවා.. පුදුමයි මට හරිම අපූරුවට ඔයාව දැනෙන්න පටන් අරන්..ඔයාගෙ දිග අත් මගේ බඳ වටා හෙමීට එතිලා..ඔය දිගටි ඇඟිලි තුඩු මගේ හිස පුරා එහෙ මෙහෙ දුවවනවා.. මගේ මුව උඩින් පාත් වෙලා ඉන්න ඔයාගේ ඔය සුවඳ මට හොඳට දැනෙනවා.. ඔව් අද ඔයා මගේ ලඟ..මගේ ජීවිතේ ලඟ.. 

මට පුදුමාකාර සතුටක් දැනෙනවා..මගේ ජීවිතේ ලස්සනම හීනයක හැමතැනම ඔයා පිපිලා.. හිත සැලෙනවා..වේගයෙන් මගේ හද ගැස්ම වැඩි වෙනවා..අනේ මට ලෝබයි මේ මොහෙතෙන් මිදෙන්න..සත්තයි මේ සොඳුරු සිහිනයෙන් කවමදාවත් මට මිදෙන්න බැරි වෙයි.. දැන් මගේ ජීවිතේ මම පතන සොඳුරුම සිහිනය ඔයා වෙලා.. ඔයා මගේ මේ සිහිනයේ හැමදාම පායලා ආවත් නාවත් මගේ හිත රැවටෙන මේ සිහිනෙට ඉතිං මම දැන් ආදරේම ආදරෙයි..

ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානයේ..
ඔබ සැලුනා මගෙ සුසුම් වැල් ගානෙ..
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ..
ප/ලි:මේ තමයි කසුන් කල්හාර ගෙ ඔබ පිපුනා ගීතය මගේ හිතට දැනෙන හැටි..මම ආසම කරන ලස්සනම ගීතයක්..  :)

43 comments:

  1. ඇත්තටම ආදරේ හිතෙනවා.... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..අද නේද මේ පැත්තෙ මුලින්ම ආවෙ..බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.. :)

      Delete
    2. ඔවු මගේ නංගියා.. අදයි මේ පැත්තේ මුලින්ම ආවේ, ආයේ හැමදාම එනවා හොදේ ඔයාව බලල යන්න :)

      Delete
    3. ස්තූතියි අයියා..නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකො.. :)

      Delete
  2. ඔයා ගොඩාක් සතුටින් ඉන්නෙ....ඔහොම ඉන්න හැමදාම....සුභ පැතුම් මගෙන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලි ඔයාගෙ ආදරනීය සුබ පැතුමට..

      Delete
  3. ලස්සන සින්දුවක් වගේම අපූරු පසුබිම් කථනයකුත් යනවනේ. ලස්සන අදහසක් ඔයාගේ!

    ReplyDelete
    Replies
    1. ඇවිත් යාළු වෙලා ගියාට comment එකක් එහෙම දාලා ගියොත් නරක් වෙලා හිටී ඕං!

      Delete
    2. ඊයෙ ඇවිත් යාලු වුනාට පෝස්ට් කියවන්න වෙලාවක් ලැබුනෙ නැහැ..අනිවාර්යෙන් අද කියවනවා.. :)

      Delete
  4. මේ කසුන් කල්හාරයන්ගේ මමත් ගොඩක්ම ආසා සිංදුවක්.. අක්කා ඒක විදින විදිහත් හරිම අපූරුයි..

    ReplyDelete
  5. අද තමයි ආව මුල්ම වතාව.
    :)

    ලස්සන සිංදුවක් වගේම ඔයා ඒ සිංදුව ලස්සනට දැකලත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙත්..ආදරයෙන් පිළිගන්නව ඔයාවත්.. :)

      Delete
  6. මේක බලල තමයි මාත් සින්දුව ඇහුවෙ......

    ReplyDelete
    Replies
    1. :O කලින් අහල තිබුනෙ නැද්ද..ලස්සන සිංදුවක්නෙ අනේ..

      Delete
  7. මම අහලත් නෑ... අපි අහල නැති ලස්සන සිංදු කොච්චර තියෙනවද.....?

    ReplyDelete
    Replies
    1. ඔයා අහලත් නැද්ද..අයියෝ..අදවත් අහන්නකො.. :)

      Delete
  8. ආදරේ දෝරෙ ගලනවා අප්පා...

    ReplyDelete
  9. සිංදුව නම් කලින් අහලා තියෙනවා අක්කි.. ඒත් අක්කිට මේ සිංදුව දැනුන විදියට නම් දැනුනෙ නෑ මට මේක කියවනකන්ම.. ගොඩාක් ලස්සනයි අක්කියෝ ඔයාගේ අදහස්..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. කලිනුත් ඇවිත් කමෙන්ට් කරල ගියාට මොකෝ අක්කව follow කරන්න අමතක උනා නෙ මට.. දැන් මතක් උනේ.. සමා වෙන්න ඔනේ ඉතින් තාම අලුත් නෙ.. ඕන් මං දැං මතක් කරල ඒකත් කලා.. : D

      Delete
    2. ගොඩාක් ස්තූතියි නංගියා..ආයෙත් එන්නකො..

      Delete
  10. බ්ලොග් එක අළුත් වෙලා.. ගොඩක් ලස්සනයි අක්කේ..
    මාතෘකාව දැක්කම මටත් මතක්වුණේ මේ ගීතයම.. මමත් ආසම ගීතයක් කසුන් කල්හාරගෙ.. :)
    හිතට දැනෙන ඒ ගීතයේ වගේම ආදරෙන් හැමදාම ජීවිතේ ඉදිරිපියමනින්න.. හදවතින්ම සුබ පැතුම් අක්කෙ ඔයාට..!!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ පැත්තෙ..ස්තූතියි නන්දු ඔයාට.. :)

      Delete
  11. දැන් ඉතින් තව ටික දවසයි නේ.ආදරණිය සිතුවිලි දොරේ ගලා යාවි තවත් ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. අයියෝ මම මොනා හරි ලිව්වොත් හැමෝටම මතක් වෙන්නෙ ඒක තමයි නේද..:D

      Delete
  12. අම්මෝ...ආදරේ උතුරනවා.. පුදුම ලස්සනයි..අකුරක් අකුරක් ගානෙ ආදරේ ගලනවා.. ලස්සනයි අක්කෙ..:) සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. කොච්චර ලිව්වත් එපා වෙන්නැති මාතෘකාවනෙ නංගි..ස්තූතියි ඔයාටත්..

      Delete
  13. මුල් ටික කියවගෙන එද්දි හීනෙකින්වත් හිතුවේ නෑ මේ සිංදුවේ තේරුමද කියලා....මාරම මාර සංකල්පනා සෙට් එකක් තියෙන්නේ අක්කට...තව මාසයයිනේ අක්කේ සතුට ඉතිරෙනවා ඕං....සුභ පතනවා අක්කට

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නෙ ඒ සිංදුවේ තේරුම ලඟින්වත් යන්නෙ නැද්ද දන්නැහැ..ස්තූතියි මල්ලියා..

      Delete
  14. ඔන්න ගොඩ වැදුනා මම මේ පැත්තට. මුලින්ම කියන්න ඕඅන් ඔයාගේ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි මම කැමතිම පාටවලින් හරිම චාම් විදියට මේක තියෙනවා. ඉතින් හිමින් හිමි කියවලා බලන්නම්කෝ ඔයාගේ සිහින හොදේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..නිවාඩු පාඩුවේ කියවල බලන්නකෝ.. :)

      Delete
  15. කසුන්ගෙ "ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානයේ" ගීය අරත් ගනවලා තියෙන හැටි නම් කදිමයි. මම මුලින්ම මේක කියවගෙන එද්දි හිතුවෙ "ඔයා" කියල මේ සටහනෙන් ආමන්ත්‍රණය කරන්නෙ සුළඟට කියලා. අවසානයේදී තමයි ගීය මීටර් වුණේ.
    හැබැයි ලින්ක් එකේ තියන වීඩ්යෝ විෂුවල් එකත් පෝස්ටුව යටින් ඇඩ් කළා නම් නියමයි.
    හරිම ලස්සන අරුත් ගැන්වීම.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබට..ඊලඟ පෝස්ට් වලට වීඩියෝ ඇඩ් කරද්දි එහෙම කරන්නම්..

      Delete
  16. ගොඩක් ආදරණීයයයි. ලස්සනට ලියලා. සින්දුවනම් අහන්න විදිහක් නැතෝ. ඒ වුනාට පස්සේ හොයල අහන්නම වෙනවා දැන් නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..පුලුවන් වෙලාවක අහල බලන්නකො..මේක ගොඩක් අය දන්න ගීතයක්..

      Delete
  17. ඔයා ලස්සනට ලියලා තියෙනවා. ඉතින් ඔය හීනෙ හැබෑ වෙන්නේ කවදටද හැබෑට?

    ReplyDelete
    Replies
    1. හි හි..අනේ මන්දා අයියෙ..ලඟදිම වෙන්නත් පුලුවන්.. :)

      Delete
  18. මමත් ආස ලස්සන සින්දුවක් අක්කේ...මේ ලියවුන අදහස් සින්දුවට අදාලත්වයක් තිබුනත් අක්කගේ හිතේ තියෙන ආදරේ ගැන කියවෙනව කියල මේ හැම වචානේකින්ම දැනුන..

    හුඟාක් ලස්සනයි මේ අදහස්...

    ReplyDelete
    Replies
    1. ඔව්..මේ මට දැනෙන මගේ හිතේ තිබුන සිතුවිල්ලක් මල්ලි..මේක මේ ගීතයෙ නියම අරුත නොවෙන්න පුලුවන්..

      Delete