Pages

Sunday, March 25, 2012

මම..



පද වැලක් සොයමි මම
නොලියවූ කවියකට
එලි වැටක් නැති වුනත්
තේරුමක් වී ගැයෙන
..
සිතුවමක් අඳිමි මම
නිම නොවූ සිතුවමට
වර්නයක් නැති වුනත්
නිමාවක් වී පේන
..
ගීතයක් ගයමි මම
තනුවකට පද බැඳන
තාලයක් නැති වුනත්
පාලුවක් නොම  ගේන
..
ආලයක් සොයමි මම
හිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
..
සිහිනයක් දකිමි මම
සිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
..
කාලයක් සොයමි මම
පතා ඔබ වෙත එන්න
ලඟදීම නැති වුනත්
කවදාක හෝ මේම
..
සැනසුමක් සොයමි මම
මෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....

72 comments:

  1. අව්‍යාජ ඒ පැතුම
    හීනයක්‌ නොම වෙන්න
    අත ලඟම සුවඳ දෙන
    මලක් වී සුපිපෙන්න

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පැතුමට ගොඩාක් ස්තූතියි නුවන් සහෝ.. :)

      Delete
  2. එලි වැටක් නැති වුනත් තේරුමක් වී ගැයෙන ලස්සන කවියක්.

    ReplyDelete
  3. එලි වැටක් නැති වුනත් තේරුමක් වී ගැයෙන ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පැතුම් කවියක් කියවල යන්න මේ පැත්තට ගොඩ වුනාට..:)

      Delete
  4. සැනසුමක් සොයමි මම
    මෙතෙක් මා නොලත් විදි
    කවදාක හෝ ලැබෙන
    අදත් ලැබෙයි සිතන....

    හෙට දවසට කල් දාන්න එපා. ඒ සැනසුම දැන්ම ඉදන් සොයන්න...
    ගොඩක්ම ලස්සන කවි පෙළක්... හැමදේම ලැබේවි ඉක්මනින්ම...
    :)

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔයාගෙ අදහස හරි නෙත් නංගි..සැනසුම හොයන්න ඕනෙ හෙට නෙමෙයි අද ඉඳන්ම..මේ දැන්ම ඉඳන්ම :)

      Delete
  5. ඔබ සොයන හැමදේම
    ඔබට හිමි වේවා
    ඔබෙ දිවිය ඇත්තටම
    මලින් බර වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කාව්‍යා ඔයාගෙ සුබ පැතුමට.. :)

      Delete
  6. මාවතක් තනමි මම
    නුඹ ළගට එන්න නොවුනත්
    මාවත් අතර පිය මනින නුඹට
    මා ලගට එන්න පාර කියන්න..

    හරිම අපුරු පැතුම් ගොන්නක් රැදි කවි පෙලක් අක්කේ ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දිනේශ් මල්ලි..ඒ වගේම ඔයාගෙ පද පේලි 4 ත් හරිම අපූරුයි :)

      Delete
  7. ලස්සනයි...තේරුමත් තාලයත් හැමදේම...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සයුරි..කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ..මම හිතුවා මගෙත් එක්ක තරහ වෙලාද කියල :)

      Delete
  8. සිහිනයක් දකිමි මම
    සිතේ සිර කරන් සිටි
    සොම්නසක් නැති වුනත්
    දොම්නසක් නොම ගේන

    මමද දුටුවෙමි
    සිහින්යක්
    වසරක් ගතවී ඇත
    දිවිමගෙ තවත්

    නිරුදක කතරක තනි වී
    ඇතත්
    ...
    සදහටම
    //

    ReplyDelete
    Replies
    1. :)

      දකින හැම සිහිනයක්ම සැබෑ නොවුනත් නොහිතපු වෙලාවක සැබෑ වෙන සුන්දර හීන තියෙනව සහෝ.. ඔයා බ්ලොග් එකක් ලියනවද..ඒ ලින්ක් එක එවන්න පුලුවන්නම් හොඳයි..මොකද මට හොයාගන්න බැහැ..

      Delete
  9. සමහර වෙලාවට සමහර දේවල් නොලැබෙද්දි ඒ ගැනම හිත හිතා ඉන්නම හිතෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මිනිස්සු කියන්නෙ ඒකයි රූ..නොලැබෙන දේ මත්තෙම හැපෙනව වැඩියි..ඒකට හේතුව ඉතින් බුදුදහමෙ අපූරුවට උගන්වනවනවනෙ..

      Delete
  10. මේ කවි පන්තිය හරිම අපූරුයි. පේලියකට මාත්‍රා 20 ගානෙ පේලි දෙකට මාත්‍රා 40 ක්.සිංහලකාව්‍ය සම්ප්‍රදායේ "කව් ගී" සහ "යොන් ගී" කයන ගී විරිත් වලට ලියැවිලා. ඒ විතරක් නෙවෙයි මාත්‍රා 10 කින් යතියකුත් හමුවෙනවා.

    ‍මේ විරිතෙන් ලියැවුණ ජනප්‍රිය ගීයක්
    " සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන"

    ‍ඔබේ කවියත් ඒ ආකෘතියෙන් බැලුවාම ගීයක් වගේ ගයන්න පුළුවන්
    හැම වෙලාවෙම ඔබේ කවියේ දෙවන පේලියෙන් හැඟීම ඉස්මතු කරනවා. හැබෑම අර්ථවත් පස්සන ගීතාත්මකව ලියැවුණ පද්‍යයක්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබට මේ කවි පෙළට වටිනා විචාරයක් දුන්නට..කලාව හදාරපු කෙනෙක් නොවෙන නිසා මට ඒ තරම් තේරුමක් නැති වුනත් පුංචි පහේ ආඩම්බරකමක් හිතුනා මම ලියපු දේ එච්චරටම වටිනකමක් තිබුනද කියල..

      බොහොම ස්තූතියි දිරිගැන්වීමට.. :)

      Delete
  11. සැනසුමක් සොයමි මම
    මෙතෙක් මා නොලත් විඳි
    කවදාක හෝ ලැබෙන
    අදත් නොලැබෙයි සිතෙන
    ....

    ම්ම්ම්ම්ම්ම්.. හැමදාකම වගේ..අපූරුයි අක්කෙ!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි හිතූ නංගි හැමදාම වගේ අදත් ඇවිත් මගේ කවි කියවල ගියාට.. :)

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. //ආලයක් සොයමි මම
    හිතට හිත යා කරන//

    මොකද කියන්? (ගුටි කන්න වෙයිද දන්නේ නැහැ)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට වැරදි දෙයක් ලියවිලාද මන්දා.. :D:D

      Delete
  14. කවිය ගැන නෙමේ කවියේ අදහස ගැන කියන්නම් මම.
    ඉක්මනට ඔයා පතන දේ ඉශ්ට වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නිශාන් සහෝ.. :)

      Delete
  15. ඔයා ඇයි ගීත රචිකාවියක් නොවන්නේ.. දෙන්ඩකො ලස්සන සින්දුවක් දෙකක් ලියලා හොඳ ගායකයෙකුට/ගායිකාවකට..

    හැකියාවනම් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. හි හි ..විහිලු කරන්නෙපා.. :D

      Delete
  16. Replies
    1. ගොඩාක් ස්තූතියි අයියෙ .. :)

      Delete
  17. මට මේ ජාතියේ කවි පෙන්නන්න බෑ. නමුත් ඔබේ කවි වෙනස්.. මේ කවිය බොහෝම ලස්සනයි. රහයි.. වින්දෙමි..

    ReplyDelete
    Replies
    1. අම්මෝ මම බය වුනා..මට බැනලදෝ කියල.. :D

      Delete
  18. හුගක් ලස්සනයි අක්කි හැමදාම කියනවා වගේ.. මාත් අක්කිගේ පැතුම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  19. සිහිනයක් දකිමි මම
    සිතේ සිර කරන් සිටි
    සොම්නසක් නැති වුනත්
    දොම්නසක් නොම ගේන‍

    ඒ සිහිනය ඉෂ්ට වේවා අක්කේ..ඔයාගෙ කවි හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ සුබ පැතුමට ගොඩාක් ස්තූතියි වර්ෂා..:)

      Delete
  20. ලස්සනයි අක්කා...!!!

    කවි ඇර වෙන දෙයක් ට්‍රයි කලොත් නරකද? (තරහ ගන්න එපා.. මගේ පුංචි අදහසක්)

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකට තරහ ගන්නද ශානියෝ.. ලියපු කතාවක් නම් තියෙනවා..බලමුකො හිතුනොත් දාන්නම්කො..කොහොම වෙයිද දන්නැහැ ප්‍රතිචාර..ඒ නිසා දාන්න බයයි.. :)

      Delete
  21. ආලයක් සොයමි මම
    හිතට හිත යා කරන...
    හරිම ලස්සන කවි පේළියක් සිත්‍රූ...එ පේළිය විතරක් නෙමෙයි මුළු කවියම ලස්සනයි...:))

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි ෆාතිමා.. :))

      Delete
  22. ලබා ගත් සැනසුමේ
    කොටහ බෙදා ගෙන ඉන්න
    අද ලගින් නොමැත නුඹ
    දුරක සිට අත වනන..

    ReplyDelete
  23. හිතන අයුරින්ම ඒ සැනසුම ලැබෙන්න කිව්ව ඕං.....

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි පිස්සා මල්ලි.. :)

      Delete
  24. හදක කොනකින් ගලන සිතිවිලි
    හෙමි හෙමින් එක් වුනාදෝ...
    පැතු පැතුම් පොදි ඔය හිතෙහි ඇති
    මේ ලෙසින් ලියවුනාදෝ...

    මිහිරි සුන්දර හිතෙත් හැඟුමන්
    ඉක්මනින් ජයගන්නකෝ...
    සිහින නොම වූ මේ වදන් ළඟ
    අක්කි අද හිනැහෙන්නකෝ...

    හරිම සුන්දරයි අක්කේ මේ ලස්සන කවි පේලි...

    ReplyDelete
    Replies
    1. සිහින නොම වූ මේ වදන් කියු
      සිහින මල්ලිට මගේ තුති.. :)

      Delete
  25. බ්ලොග් එකක්නම් ලියන්නෙ නෑ අක්කේ.....Exam ඉවර කාලෙක ලියන්න අදහසක්නම් තියෙනව

    // වසරක් ගතවී ඇත
    දිවිමගෙ තවත්//

    එහෙම කිව්වේ, අක්කෙ මගේ තවත් එක උපන්දිනයක් ගෙඋන නිසයි..

    ' නිරුදක කතරක තනි වී
    ඇතත් ' එකිව්වෙ තනිව ඉපදුනම උපන්දින සුබපතන්න කවුරැත් නැති හින්දයි..

    @රූ.... අයියේ "වැඩේමයි" එහෙම දෙයක්නෑ නෑ නෑ මයි....... මට ඕන උනෙ "පරිපුර්ණ මිනිසෙක් වෙන්න, Ideal Personality එකක් වෙන්න එත්

    ReplyDelete
    Replies
    1. අනේ අපි දැනන් හිටියෙ නෑනෙ ඔයාගෙ උපන්දිනේ කියල..ඔයාට වාසනාවන්ත සුබම සුබ අනාගතයක් පතනව මල්ලි..ඒ වගේම බ්ලොග් ලිව්වෙ නැති වුනාට කමක් නෑ බ්ලොග් කියවන්න හරි ඇවිත් යන්න..හැබැයි ඉගනීමට බාධා නොවෙන්න හොඳේ.. :)

      Delete
  26. ම්ම්ම් ලස්සන කවි පද ටික. හැම හීනයක්ම ඉෂ්ට වෙලා සැනසීම ලගදීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙප් අයියේ ඔයාටත් :)

      Delete
  27. ජීවිතේ සොයන ඔබ
    නෙතු සලා හිනැහෙන්න
    සිහින නිති දකින නුඹ
    හිතට සැනසුම ගන්න

    නොලද දේ ගැන තැවී
    හිතට දුක නොම ගන්න
    වැටෙන වැහි බිංදුවක්
    සතුටකින් පිළිගන්න...

    එක එක විදියට ලියැවෙන කවි දැක්කා ඒත් සිංදුවක් තරමට ලස්සනම ලස්සන කවි පෙලක් මේකනම්... සුපිරියි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා..මම බැලුවා කමෙන්ට් එක පරක්කු මොකද කියල..මේ ඇවිත් ඉන්නෙ.. :)

      Delete
    2. සෑහෙන්න පරක්කු වුනා අප්පා මේ ටිකේම එක්සෑම් එකේ සබ්ජෙක්ට් එක හදාගන්න එහාට මෙහාට බඩගෑවනේ දවසකට බ්ලොග් දෙකක් විතර කියෙව්වේ ...

      Delete
    3. හි හි දැන්ද නෝට්ස් හොයන්නෙ..හොඳ ළමයා..

      Delete
    4. නෝට්ස් නෙමෙයි අක්කේ.... ගිය පාර කෙමිස්ට්‍රි කරලා මේ පාර ඒ වෙනුවට IT දැම්මා ඒත් ඒක කරන්න දවස් තුනක් පලාත් අධ්‍යාපන කාර්යාලෙට බඩගෑවානේ... තාමත් ඉස්කෝලෙට යනවා තාම වැඩේ ඉවර නෑ මේ සඳුදත් යන්න ඕනේ... මං හොඳයි තමයි

      Delete
    5. අහ්..එහෙමද..කව්ද දන්නෙ..සොරි ඈ.. :P

      Delete
  28. අත්වැලක් සොයමි මම
    සැමදා තනි නොතනියට
    ගිලිහෙන්නට නොම නොදී
    නිබද වාරුවක්‌ වන

    සෙනෙහසක් පතමි මම
    ගිලන් වූ මහද නිවන
    අතු අගින් කටු පිරුණු
    සෙව්වන්දියක් නොවන

    ReplyDelete
    Replies
    1. අතු අග කටු රැඳුනු සෙව්වන්දියක් නොව පතමි ලැබෙන්නට ගොහුරකින් මතු වූ ලස්සනම පියුමියක් ඔබේ ජීවිතයට.. :)

      Delete
  29. හපොයි මම හුඟක් පරක්කුයි නේද නංගි බබෝ.?? :( ප්‍රාර්ථනාවන් පිරිච්ච ලස්සනම ලස්සන පද පේලි ගොන්නක් .. ලස්සනයි නංගා .ඒ වගේම ,ඒ සිතුම් පැතුම් අසුරුසැනකින් ඉෂ්ට වෙන්න කියලත් ප්‍රර්ථනා කරන්නම්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියෙ..පරක්කු වෙලා හරි මේ පැත්තට ඇවිත් යන එක මට ලොකු සතුටක්.. :)

      Delete
  30. මම ආස මේකේ තියෙන තාලෙට.. :)
    වචනත් ගති...

    ReplyDelete
  31. හොදයි .. එත් වෙනස් දෙයක්???

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ කවි ඇරෙන්න වෙනසක් ගැනද යාලු.. :(

      Delete
  32. තුන් හතරවතාවක් කියෙව්වා ආසාවට

    ReplyDelete
  33. @ Loku John :
    අනේ ගොඩක් ස්තූතියි ඔයාට,,ඒකනෙමයි ඔයා බ්ලොග් එකක් ලියනවද?මට ලින්ක් එක එවන්නකො..ෆලොව් පාරක් දාන්න..

    ReplyDelete
  34. හැමෝම තවමත් නොලැබුණු දේට වැඩියෙන් ආදරේ කරන්නේ ඇයි තියෙන දේට වඩා? ඔන්න මට තියෙන ප්‍රශ්න! ලස්සන කවි පේලියක් අක්කේ!

    ReplyDelete
    Replies
    1. මේකනෙ මල්ලි ලැබුන දේවල වටිනකම දැනෙන්නෙ ඒක ලබාගන්නකල් විතරයි..ඉතින් ලබාගන්න බැරි දේවල් වල වටිනකම කවදාවත් නොලැබෙන නිසා හැමදාම දැනෙනව ..ඕව ඉතිං හිතන්න ඕන නෑ..ඇවිත් ගියානෙ මේ පැත්තෙ..ඒක වටිනවා මට.. :P

      Delete
  35. ලස්සන පැදි පෙළක්...

    මමත් ඉස්සර කවි ලිව්වා.. ඒත් කාලයත් එක්ක ඒ පුරුද්ද නැතිවෙලා ගියා.
    මොන අහේතුවකටද දන්නේ නැහැ, දැන්නම් කවි ලියන්න හිතෙන්නෙම නැහැ... :(

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි ඒ..මටනම් ඉතිං ඉක්මනින් ලියගාන්න පුලුවන් කවියක් ඇරෙන්න වෙන දෙයක් ලියන්න කම්මැලිය් කම්මැලිය් වගේ..ඒ නිසා දැන් මගේ බ්ලොග් එක කියවන අයටත් එපා වෙලා ඇති..අය්යත් නරකද වෙනසකටත් එක්ක අලුත් බිස්නස් එක ගැනවත් කවියක් ලිව්වොත්.. :D

      Delete
  36. ආලයක් සොයමි මම
    හිතට හිත යා කරන
    තනිකමක් නැති වුනත්
    හිතට සැනසුම ගේන

    ReplyDelete