පද වැලක් සොයමි මම
නොලියවූ කවියකට
එලි වැටක් නැති වුනත්
තේරුමක් වී ගැයෙන
..
සිතුවමක් අඳිමි මම
නිම නොවූ සිතුවමට
වර්නයක් නැති වුනත්
නිමාවක් වී පේන
..
ගීතයක් ගයමි මම
තනුවකට පද බැඳන
තාලයක් නැති වුනත්
පාලුවක් නොම ගේන
..
ආලයක් සොයමි මම
හිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
..
සිහිනයක් දකිමි මම
සිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
..
..
කාලයක් සොයමි මම
පතා ඔබ වෙත එන්න
ලඟදීම නැති වුනත්
කවදාක හෝ මේම
..
සැනසුමක් සොයමි මම
මෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....
අව්‍යාජ ඒ පැතුම
ReplyDeleteහීනයක් නොම වෙන්න
අත ලඟම සුවඳ දෙන
මලක් වී සුපිපෙන්න
ඔයාගෙ පැතුමට ගොඩාක් ස්තූතියි නුවන් සහෝ.. :)
Deleteඑලි වැටක් නැති වුනත් තේරුමක් වී ගැයෙන ලස්සන කවියක්.
ReplyDeleteඑලි වැටක් නැති වුනත් තේරුමක් වී ගැයෙන ලස්සන කවියක්.
ReplyDeleteගොඩාක් ස්තූතියි පැතුම් කවියක් කියවල යන්න මේ පැත්තට ගොඩ වුනාට..:)
Deleteසැනසුමක් සොයමි මම
ReplyDeleteමෙතෙක් මා නොලත් විදි
කවදාක හෝ ලැබෙන
අදත් ලැබෙයි සිතන....
හෙට දවසට කල් දාන්න එපා. ඒ සැනසුම දැන්ම ඉදන් සොයන්න...
ගොඩක්ම ලස්සන කවි පෙළක්... හැමදේම ලැබේවි ඉක්මනින්ම...
:)
ම්ම්..ඔයාගෙ අදහස හරි නෙත් නංගි..සැනසුම හොයන්න ඕනෙ හෙට නෙමෙයි අද ඉඳන්ම..මේ දැන්ම ඉඳන්ම :)
Deleteඔබ සොයන හැමදේම
ReplyDeleteඔබට හිමි වේවා
ඔබෙ දිවිය ඇත්තටම
මලින් බර වේවා
ගොඩාක් ස්තූතියි කාව්‍යා ඔයාගෙ සුබ පැතුමට.. :)
Deleteමාවතක් තනමි මම
ReplyDeleteනුඹ ළගට එන්න නොවුනත්
මාවත් අතර පිය මනින නුඹට
මා ලගට එන්න පාර කියන්න..
හරිම අපුරු පැතුම් ගොන්නක් රැදි කවි පෙලක් අක්කේ ලස්සනයි..
ගොඩාක් ස්තූතියි දිනේශ් මල්ලි..ඒ වගේම ඔයාගෙ පද පේලි 4 ත් හරිම අපූරුයි :)
Deleteලස්සනයි...තේරුමත් තාලයත් හැමදේම...
ReplyDeleteගොඩාක් ස්තූතියි සයුරි..කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ..මම හිතුවා මගෙත් එක්ක තරහ වෙලාද කියල :)
Deleteසිහිනයක් දකිමි මම
ReplyDeleteසිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
මමද දුටුවෙමි
සිහින්යක්
වසරක් ගතවී ඇත
දිවිමගෙ තවත්
නිරුදක කතරක තනි වී
ඇතත්
...
සදහටම
//
:)
Deleteදකින හැම සිහිනයක්ම සැබෑ නොවුනත් නොහිතපු වෙලාවක සැබෑ වෙන සුන්දර හීන තියෙනව සහෝ.. ඔයා බ්ලොග් එකක් ලියනවද..ඒ ලින්ක් එක එවන්න පුලුවන්නම් හොඳයි..මොකද මට හොයාගන්න බැහැ..
සමහර වෙලාවට සමහර දේවල් නොලැබෙද්දි ඒ ගැනම හිත හිතා ඉන්නම හිතෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි..
ReplyDeleteහ්ම්ම්..මිනිස්සු කියන්නෙ ඒකයි රූ..නොලැබෙන දේ මත්තෙම හැපෙනව වැඩියි..ඒකට හේතුව ඉතින් බුදුදහමෙ අපූරුවට උගන්වනවනවනෙ..
Deleteමේ කවි පන්තිය හරිම අපූරුයි. පේලියකට මාත්‍රා 20 ගානෙ පේලි දෙකට මාත්‍රා 40 ක්.සිංහලකාව්ය සම්ප්රදායේ "කව් ගී" සහ "යොන් ගී" කයන ගී විරිත් වලට ලියැවිලා. ඒ විතරක් නෙවෙයි මාත්‍රා 10 කින් යතියකුත් හමුවෙනවා.
ReplyDeleteමේ විරිතෙන් ලියැවුණ ජනප්‍රිය ගීයක්
" සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන"
ඔබේ කවියත් ඒ ආකෘතියෙන් බැලුවාම ගීයක් වගේ ගයන්න පුළුවන්
හැම වෙලාවෙම ඔබේ කවියේ දෙවන පේලියෙන් හැඟීම ඉස්මතු කරනවා. හැබෑම අර්ථවත් පස්සන ගීතාත්මකව ලියැවුණ පද්‍යයක්
ගොඩාක් ස්තූතියි ඔබට මේ කවි පෙළට වටිනා විචාරයක් දුන්නට..කලාව හදාරපු කෙනෙක් නොවෙන නිසා මට ඒ තරම් තේරුමක් නැති වුනත් පුංචි පහේ ආඩම්බරකමක් හිතුනා මම ලියපු දේ එච්චරටම වටිනකමක් තිබුනද කියල..
Deleteබොහොම ස්තූතියි දිරිගැන්වීමට.. :)
සැනසුමක් සොයමි මම
ReplyDeleteමෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....
ම්ම්ම්ම්ම්ම්.. හැමදාකම වගේ..අපූරුයි අක්කෙ!!!
ගොඩාක් ස්තූතියි හිතූ නංගි හැමදාම වගේ අදත් ඇවිත් මගේ කවි කියවල ගියාට.. :)
DeleteThis comment has been removed by the author.
ReplyDelete//ආලයක් සොයමි මම
ReplyDeleteහිතට හිත යා කරන//
මොකද කියන්? (ගුටි කන්න වෙයිද දන්නේ නැහැ)
ඇත්තටම මට වැරදි දෙයක් ලියවිලාද මන්දා.. :D:D
Deleteකවිය ගැන නෙමේ කවියේ අදහස ගැන කියන්නම් මම.
ReplyDeleteඉක්මනට ඔයා පතන දේ ඉශ්ට වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා :)
ගොඩාක් ස්තූතියි නිශාන් සහෝ.. :)
Deleteඔයා ඇයි ගීත රචිකාවියක් නොවන්නේ.. දෙන්ඩකො ලස්සන සින්දුවක් දෙකක් ලියලා හොඳ ගායකයෙකුට/ගායිකාවකට..
ReplyDeleteහැකියාවනම් උපරිමයි..
හි හි ..විහිලු කරන්නෙපා.. :D
Deleteලස්සනයි...
ReplyDeleteගොඩාක් ස්තූතියි අයියෙ .. :)
Deleteමට මේ ජාතියේ කවි පෙන්නන්න බෑ. නමුත් ඔබේ කවි වෙනස්.. මේ කවිය බොහෝම ලස්සනයි. රහයි.. වින්දෙමි..
ReplyDeleteඅම්මෝ මම බය වුනා..මට බැනලදෝ කියල.. :D
Deleteහුගක් ලස්සනයි අක්කි හැමදාම කියනවා වගේ.. මාත් අක්කිගේ පැතුම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසිහිනයක් දකිමි මම
ReplyDeleteසිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
ඒ සිහිනය ඉෂ්ට වේවා අක්කේ..ඔයාගෙ කවි හරි ලස්සනයි.
ඔයාගෙ සුබ පැතුමට ගොඩාක් ස්තූතියි වර්ෂා..:)
Deleteලස්සනයි අක්කා...!!!
ReplyDeleteකවි ඇර වෙන දෙයක් ට්‍රයි කලොත් නරකද? (තරහ ගන්න එපා.. මගේ පුංචි අදහසක්)
අයියෝ මොකට තරහ ගන්නද ශානියෝ.. ලියපු කතාවක් නම් තියෙනවා..බලමුකො හිතුනොත් දාන්නම්කො..කොහොම වෙයිද දන්නැහැ ප්‍රතිචාර..ඒ නිසා දාන්න බයයි.. :)
Deleteආලයක් සොයමි මම
ReplyDeleteහිතට හිත යා කරන...
හරිම ලස්සන කවි පේළියක් සිත්රූ...එ පේළිය විතරක් නෙමෙයි මුළු කවියම ලස්සනයි...:))
ගොඩාරියක් ස්තූතියි ෆාතිමා.. :))
Deleteලබා ගත් සැනසුමේ
ReplyDeleteකොටහ බෙදා ගෙන ඉන්න
අද ලගින් නොමැත නුඹ
දුරක සිට අත වනන..
හ්ම්ම්.......... :(
Deleteහිතන අයුරින්ම ඒ සැනසුම ලැබෙන්න කිව්ව ඕං.....
ReplyDeleteගොඩාරියක් ස්තූතියි පිස්සා මල්ලි.. :)
Deleteහදක කොනකින් ගලන සිතිවිලි
ReplyDeleteහෙමි හෙමින් එක් වුනාදෝ...
පැතු පැතුම් පොදි ඔය හිතෙහි ඇති
මේ ලෙසින් ලියවුනාදෝ...
මිහිරි සුන්දර හිතෙත් හැඟුමන්
ඉක්මනින් ජයගන්නකෝ...
සිහින නොම වූ මේ වදන් ළඟ
අක්කි අද හිනැහෙන්නකෝ...
හරිම සුන්දරයි අක්කේ මේ ලස්සන කවි පේලි...
සිහින නොම වූ මේ වදන් කියු
Deleteසිහින මල්ලිට මගේ තුති.. :)
බ්ලොග් එකක්නම් ලියන්නෙ නෑ අක්කේ.....Exam ඉවර කාලෙක ලියන්න අදහසක්නම් තියෙනව
ReplyDelete// වසරක් ගතවී ඇත
දිවිමගෙ තවත්//
එහෙම කිව්වේ, අක්කෙ මගේ තවත් එක උපන්දිනයක් ගෙඋන නිසයි..
' නිරුදක කතරක තනි වී
ඇතත් ' එකිව්වෙ තනිව ඉපදුනම උපන්දින සුබපතන්න කවුරැත් නැති හින්දයි..
@රූ.... අයියේ "වැඩේමයි" එහෙම දෙයක්නෑ නෑ නෑ මයි....... මට ඕන උනෙ "පරිපුර්ණ මිනිසෙක් වෙන්න, Ideal Personality එකක් වෙන්න එත්
අනේ අපි දැනන් හිටියෙ නෑනෙ ඔයාගෙ උපන්දිනේ කියල..ඔයාට වාසනාවන්ත සුබම සුබ අනාගතයක් පතනව මල්ලි..ඒ වගේම බ්ලොග් ලිව්වෙ නැති වුනාට කමක් නෑ බ්ලොග් කියවන්න හරි ඇවිත් යන්න..හැබැයි ඉගනීමට බාධා නොවෙන්න හොඳේ.. :)
Deleteම්ම්ම් ලස්සන කවි පද ටික. හැම හීනයක්ම ඉෂ්ට වෙලා සැනසීම ලගදීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteබොහොම ස්තූතියි රෙප් අයියේ ඔයාටත් :)
Deleteජීවිතේ සොයන ඔබ
ReplyDeleteනෙතු සලා හිනැහෙන්න
සිහින නිති දකින නුඹ
හිතට සැනසුම ගන්න
නොලද දේ ගැන තැවී
හිතට දුක නොම ගන්න
වැටෙන වැහි බිංදුවක්
සතුටකින් පිළිගන්න...
එක එක විදියට ලියැවෙන කවි දැක්කා ඒත් සිංදුවක් තරමට ලස්සනම ලස්සන කවි පෙලක් මේකනම්... සුපිරියි අක්කේ
ස්තූතියි මල්ලියා..මම බැලුවා කමෙන්ට් එක පරක්කු මොකද කියල..මේ ඇවිත් ඉන්නෙ.. :)
Deleteසෑහෙන්න පරක්කු වුනා අප්පා මේ ටිකේම එක්සෑම් එකේ සබ්ජෙක්ට් එක හදාගන්න එහාට මෙහාට බඩගෑවනේ දවසකට බ්ලොග් දෙකක් විතර කියෙව්වේ ...
Deleteහි හි දැන්ද නෝට්ස් හොයන්නෙ..හොඳ ළමයා..
Deleteනෝට්ස් නෙමෙයි අක්කේ.... ගිය පාර කෙමිස්ට්‍රි කරලා මේ පාර ඒ වෙනුවට IT දැම්මා ඒත් ඒක කරන්න දවස් තුනක් පලාත් අධ්‍යාපන කාර්යාලෙට බඩගෑවානේ... තාමත් ඉස්කෝලෙට යනවා තාම වැඩේ ඉවර නෑ මේ සඳුදත් යන්න ඕනේ... මං හොඳයි තමයි
Deleteඅහ්..එහෙමද..කව්ද දන්නෙ..සොරි ඈ.. :P
Deleteඅත්වැලක් සොයමි මම
ReplyDeleteසැමදා තනි නොතනියට
ගිලිහෙන්නට නොම නොදී
නිබද වාරුවක් වන
සෙනෙහසක් පතමි මම
ගිලන් වූ මහද නිවන
අතු අගින් කටු පිරුණු
සෙව්වන්දියක් නොවන
අතු අග කටු රැඳුනු සෙව්වන්දියක් නොව පතමි ලැබෙන්නට ගොහුරකින් මතු වූ ලස්සනම පියුමියක් ඔබේ ජීවිතයට.. :)
DeleteJust wow! Thanx
Deleteහපොයි මම හුඟක් පරක්කුයි නේද නංගි බබෝ.?? :( ප්‍රාර්ථනාවන් පිරිච්ච ලස්සනම ලස්සන පද පේලි ගොන්නක් .. ලස්සනයි නංගා .ඒ වගේම ,ඒ සිතුම් පැතුම් අසුරුසැනකින් ඉෂ්ට වෙන්න කියලත් ප්‍රර්ථනා කරන්නම්..
ReplyDeleteගොඩාක් ස්තූතියි අයියෙ..පරක්කු වෙලා හරි මේ පැත්තට ඇවිත් යන එක මට ලොකු සතුටක්.. :)
Deleteමම ආස මේකේ තියෙන තාලෙට.. :)
ReplyDeleteවචනත් ගති...
ස්තූතියි අයියෙ.. :)
Deleteහොදයි .. එත් වෙනස් දෙයක්???
ReplyDeleteඒ කිව්වෙ කවි ඇරෙන්න වෙනසක් ගැනද යාලු.. :(
Deleteතුන් හතරවතාවක් කියෙව්වා ආසාවට
ReplyDelete@ Loku John :
ReplyDeleteඅනේ ගොඩක් ස්තූතියි ඔයාට,,ඒකනෙමයි ඔයා බ්ලොග් එකක් ලියනවද?මට ලින්ක් එක එවන්නකො..ෆලොව් පාරක් දාන්න..
හැමෝම තවමත් නොලැබුණු දේට වැඩියෙන් ආදරේ කරන්නේ ඇයි තියෙන දේට වඩා? ඔන්න මට තියෙන ප්‍රශ්න! ලස්සන කවි පේලියක් අක්කේ!
ReplyDeleteමේකනෙ මල්ලි ලැබුන දේවල වටිනකම දැනෙන්නෙ ඒක ලබාගන්නකල් විතරයි..ඉතින් ලබාගන්න බැරි දේවල් වල වටිනකම කවදාවත් නොලැබෙන නිසා හැමදාම දැනෙනව ..ඕව ඉතිං හිතන්න ඕන නෑ..ඇවිත් ගියානෙ මේ පැත්තෙ..ඒක වටිනවා මට.. :P
Deleteලස්සන පැදි පෙළක්...
ReplyDeleteමමත් ඉස්සර කවි ලිව්වා.. ඒත් කාලයත් එක්ක ඒ පුරුද්ද නැතිවෙලා ගියා.
මොන අහේතුවකටද දන්නේ නැහැ, දැන්නම් කවි ලියන්න හිතෙන්නෙම නැහැ... :(
අනේ ඇයි ඒ..මටනම් ඉතිං ඉක්මනින් ලියගාන්න පුලුවන් කවියක් ඇරෙන්න වෙන දෙයක් ලියන්න කම්මැලිය් කම්මැලිය් වගේ..ඒ නිසා දැන් මගේ බ්ලොග් එක කියවන අයටත් එපා වෙලා ඇති..අය්යත් නරකද වෙනසකටත් එක්ක අලුත් බිස්නස් එක ගැනවත් කවියක් ලිව්වොත්.. :D
Deleteආලයක් සොයමි මම
ReplyDeleteහිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
:))
Delete