Pages

Tuesday, October 11, 2011

මුලු ලොවම වී ඔබ..


නුඹ දුරයි මට බොහො දුරයි..
නමුදු හිත ලග තනි මකයි..
හිත හඩයි හිත නුඹ සොයයි..
නුඹ දකින තුරු මග බලයි..

ඔබ හැඩයි මට හරි හැඩයි..
සිතට එනවිට හරි හැඩයි..
සිහිනෙනුත් මම නුඹ ලගයි..
සොයා එන්නට මට සිතෙයි..

තරු අතේ පනිවිඩ එවයි..
සද එලිය වී ඉගිබිගි කරයි..
මද පවන වී මට හාදු දෙයි..
මුලු ලොවම වී මගෙ ලග හිදියි..

Monday, October 10, 2011

සත්තයි ඔබ මගේමයි..



ආදරේ පින්නටවත් නොතෙමුනු හදවතට
ධාරානිපාත වැස්සක් වෙලා
වැටෙනකොට ඔබේ සෙනෙහස
ආත්ම හතකට ඔබේ ආදරේ අස්වද්දන්න
මට හිතුනා..
 
ආදරේ කදුලක්වත් නැතුව වියලුනු හදවතට
සෙනෙහසේ දියවර වෙලා
ඔබ ගලනකොට
ආත්ම සීයකට ඔබේ වෙන්න
හීනයක් මැවුනා..
 
පාවෙන ජීවිතයක් හරි පරිස්සමට අරන්
ඔය හිතේ නතර කර ගන්නකොට
සදහටම ඔය උනුහුමට ලංවෙන්න  
ලෝභකම් හිතුනා.. 

ජීවිතේ පලවෙනි වතාවට
මේ තරම් ආත්මාර්ථකාමි වෙලා
ඔය සෙනෙහස මගේම කරගන්න
සත්තයි
මට  නම් හිතුනා..

Friday, October 7, 2011

අනේ මන්දා..මේ ඔයාගෙ ආදරේලු...


මම හිතුවක්කාරලු 
මට බනින්නෙ ඒකලු
බැන්නට දුක හිතන්න එපාලු
බනින්නෙ ආදරේටලු

ඕනෙ මාව සතුටින් තියන්නලු
ඒත් නිතරම දෙන්නෙ දුකක්ලු
වැඩිය ඒවා හිතන්නෙපාලු 
හිතුවට මට තේරෙන්නෙත් නෑලු

අනේ මන්දා ..,

මේ ඔයාගෙ ආදරේලු :( :(

Wednesday, August 17, 2011

ප්‍රේමයේ සදාතන සමුගැන්ම !


ආදරේ කල තරමට වෙන කෙනෙක් දිහා හොරෙන්වත් නොබලන්න සපථ වුන එකම එක කෙල්ල මම විතරක් නෙමෙයි..
තත්පරේකටවත් වෙනස් නොවෙන්න පොරොන්දු දීල ආදරේට පිටුපාල හිත හදාගන්න හදන එකම එක කෙල්ලත් මම විතරක් නෙමෙයි..
ආදරේ සරදමට රැවටුන අහින්සක හිතක් වත්තම් කරගෙන ජීවිතේ දිනන්න හදන එකම එක කෙල්ලත් මම විතරක් නෙමෙයි..
එත්.. , 
 .......   ........    .......  ........  ........  .........  ........  ........  ........   .........  ........  ......... ......
දවසක ඔබට සමුදෙන්න හිත වාරු කරගත් එකම එක  නපුරු පෙම්වතිය මම විතරක්ම වෙයි !

Monday, May 9, 2011

ඔබ එනතුරු හිත අද්දර හීන පොකුරු මල් පිපේවි..



ඔබ එනතුරු හිත අද්දර  
 හීන පොකුරු මල් පිපේවි..
ඒ සුවදින් මං සොයාන
නුඹ මා වෙතටම වඩීවි
නුඹ දුටු විට මගේ දෙනෙත්
ලැජ්ජවෙන් බිම බලාවි
දිලිසෙන ඔය නෙතු කොනකින්
තව මට සරදම් කරාවි..


ඔබෙ පපුවට තුරුලු වෙලා
මා උනුසුම් සුව සොයාවි
හෙමින් හෙමින් මුදු තොල්පෙති
මගෙ නලලට හාදු දේවි
මගේ සිහින රජදහනේ
නුඹ සුරපුරයක් මවාවි
නුඹ නැතිදා මගෙ නෙතු ලග
සිහිනය බොද වී තියේවි..

Thursday, February 24, 2011

මේ කඳුලු මටම විතරද?


කීවනාහන ඇස් දෙක හරිම මුරන්ඩුයි
හැම අස්සක මුල්ලකම ඔයා හොයනව
හිත පිලිගත්තත් ඔයා මට හිමි නැති බව
හරිම බරට නෙතු පියන් තෙත් වෙනව
එතකොට ආයෙත් හිතෙනව
අනේ ඔබ මගේ උනානම් කියල
ඉස්සර සතුටින් හිටිය තරමටම
අද හඩන්න වෙයි කියල හිතුනනම්
කවදාවත් ආදරේ කරන්නෙ නෑ මම
මට හැමදාමත් හිනාවෙලා ඉන්න කියල
ඒ හිනාවට හැමදාමත් ආස කරපු ඔබ
මේ තරම් ඇස්දෙක හඩවලා යන්න ගියාම
හිතුනෙ නැද්ද මේ කෙල්ල පව් කියලවත්
සාගරයක් තරමට හඩන්නට ඇති දැනටම
ඒත් තාමත් මහ පොලොව වගේ නිහඩයි ඔබ
අන්තිමට ඉතිරි වුනේ මට
අපි දෙන්නගෙ බැදීම තාවකාලික වෙලා
මේ කදුලු විතරක් සදාකාලික වීම විතරයි
මෙයද ඔබ මට කියල දුන්නු
ආදරේ මහිමය..

Monday, February 21, 2011

නොකියාම ලැගුම් ගත් සෙනෙහසක අපුරුව..



හීනියට හිනාවෙන
ඔබේ නෙතු යුග මත
මොහොතකට මගේ සිත
අතරමන් වුන අපුරුව..
නීල ආකහෙනුත් එහා
ඒ තරු නෙතු සමග
මගේ සිත ගව් ගනන්
ඉගිල ගිය අපුරුව..  
අහිමි බව දැන දැනත්
යන්තමට සසල වුන
රත්තරන් හීනයක අපූරුව..
හීනයක් වෙලා විත්
නොකියාම ලැගුම් ගත්
දයාබර සෙනෙහසක අපුරුව..