Pages

Thursday, December 1, 2011

යලි දකින තුරු ඔබ..



හදවතේ හිස් තැනක්
ඔබ ඇවිත් පුරවද්දි
හිතුවටත් වඩා ඉඩ
ඒ හිතෙන් ඉල්ලද්දි
නොදැනීම තවත් දින
දෙක තුනක් ගත වෙද්දි..
හිතම නතු කරන් ඔබ
මට තවත් ලන්වෙද්දි..

සිනාසුන ඇස් වලින්
කඳුලු බිඳු මතු වුනා..
සැනසුමෙන් එහා ඔබ ගැනම
සිත ලත වුනා..
මගේ ඇස් මේ තරම්
ඔබ නමින් වැළපුනා..
ඔබ ගිහින් බොහෝ දුර
යලිත් මා තනි වුනා..

යලිදු ඔබ දකින තුරු
මග බලන් ඉන්නෙමි..
නැ සියන් හිතවතුන්ගෙන්
කඳුලු සගවමි..
දොර අගුලු ලා හිතට
ඔබ නමින් ඉන්නෙමි..
ඔබට දුන් පොරොන්දුව
පන මෙන්ම සුරකිමි....

Thursday, November 24, 2011

නුඹේ අහසට මම..



හිරු කුමරුයි
සඳ සාවියි
නිල් අහසට උන්නා වගේ
නුඹේ හිරුත් සඳුත් වෙලා
මම ඉන්නම් හිත් අහසේ..
හිරු බැස යයි හැන්දෑවට
සඳුත් නෑනෙ අමාවකේ
රෑ අහසට තනිවරන්න
තරු විතරයි ඉතිරි වුනේ..
හැමදාමත් අහස පුරා
තරු මල් වැල් පිපුනා වගේ
නුඹේ අහසේ හිරු සඳු නොව
තරුවක්වත් වෙන්න සිතේ..

Wednesday, November 9, 2011

වස්සාන සිහිනයේ පෙම්කම් ..


 වස්සාන සිහිනයේ
නිමක් නොහි පෙම්කම්
රැගෙන දෝතින්
නුඹ සොයා විත්
තවරන්න ඇත්නම්
නුඹේ  හිතපුරාවෙම
ආදරේ ආත්මය
මගේ එක සුසුමකින්..

Wednesday, November 2, 2011

මතකද ඒ ආදරේ..


වසන්ත කාලෙට එක දිගට
පිපෙන මල් රොත්තක් වගේ..
හරිම හැඩට ජීවිතේ පාටකරන්න
ආදරේ එක එක පාට අරන්
ඉස්සර ඔබ එනකොට..
අකීකරු හීන අහුරු
ඔක්කොම ටික
පොදි බැඳගෙන මතකද
මම ඔයා එනකල් මග බලන් උන්නා..

හරිම හිමීට පරිස්ස්මෙන්
ඔය ඇස් මේ හිත පුරා සිතුවම්
මවනකොට
ඔය නෙතු පතුලෙ කිමිදිල
ඒ ලස්සන ආදරේ කියවන්න
මතකද ඒ කාලෙ
මම වෙහෙස උනා..

අමතක කරන්නෙපා..

ජීවිතේ ගොඩ දුරක් යන්න
මහ ගොඩක් ආදරේ අරන්
ආයෙත් සවසක තැඹිලි පාට
හිරු එලිය අස්සෙන්
ඔබ මතුවෙනකන් රටා තිය තිය
හීන පාට කරපු මේ හිත
තාමත් ඒ වගේම මග බලන් ඉන්නව..

Friday, October 28, 2011

සොඳුරියේ නුඹ..





සොඳුරියේ නැතත් මට නුඹට මෙන් කවි හිතක්
ලියන්නට අපේ පෙම අරුත්බර පබැදුමක්..
සොඳුරියේ නැතත් මට ඔබට මෙන් පෙම් හිතක්..
වරුවක්ම හිතන්නට අපේ පෙම ගැන යමක්..

නුඹේ පෙම සුන්දරයි..විටක එය ගීතයක්..
නුඹේ පෙම නිර්මලයි..විටක එය සැනසුමක්..

දමා නුඹ ගියත් මම ..ජීවිතේ බොහො දුරක්..
නුඹ මගේ හිත පුරා දඟකරන හීනයක්..
නාදුනන නගරයක පාලුවට ගිය සිතක්..
සන්හුන්ව නුඹ නමින් සැනහෙනා වාරයක්..

නොවුවත් ඉතින් මට.. නුඹේ පෙම සිහිනයක්..
එනතුරා මව්බිමට.. නුඹ සිහින දෙව්දුවක්....

Sunday, October 23, 2011

දිනමි ස්නේහේ සියලු සීමා..



ඔබේ නෙත් යුග මැද කිමිදිලා
සොයමි ස්නෙහේ සිහින සේයා ..

ඔබේ කොපුලට හාදු තවරා
විදිමි ස්නෙහේ නුරා චායා..

ඔබේ දෑතේ දෑත් පටලා
දකිමි ස්නේහේ මිහිරි මායා..

ඔබේ ඇසුරින් දිරිය ලැබිලා
දිනමි ස්නේහේ සියලු සීමා..

Sunday, October 16, 2011

සැබෑ වු ආදරේ..



මම දවසක් මෙ විදියට
කොහේ හරි ලියපු ආදරේ ගැන
හමුවෙලා  අහම්බෙන් නුඹ
සැබෑවක් කල අපූරුව..

පැතුම් සහසක්  පැතුම් මැද
අතරමන් වෙන තරමට
අනේ නුඹ හමුවුදා  සිටම
හිත නොඉවසිල්ලෙන් මේම..

තව දිනක් ගතවෙන හැටි
වරුවක්ම  හිතමින් නුඹ ගැන
කොහිද වෙන සැනසුමක් ඉතින් මට
යලි දකින්තුරු නුඹ
 මගේ මේ ඇස් දෙක ලඟට..