මේ විසල් අහස යට කොහේ හෝ දෙතැනක ඔබත් මමත් ඇති..ඔය දෑතේ පැටලීගෙන මම නොසිටියත් කොහේ හෝ තැනක ඔයා ඔයාගෙ ජීවිතේ සොයනව ඇති.. ඉස්සර වගේම නිම්නැතිව ඔයාට ආදරේ කරන ඔයාගෙ සදාදර පෙම්වතිය වෙලා තවමත් මම ඔයාගෙ ලඟින්ම ඉන්නව කියල සමහරවිට ඔයා නොදන්නව ඇති..
මට මතකයි දවසක් ඔයා කිව්ව ඔයා දැකපු ලස්සනම ඇස් දෙක මගේලු..මේ ඇස් දිහා බලන් ඉද්දි ඔයා කවියෙක්ලු..ඒ තරම් සුන්දරයි ලු ..ඊට පහුවදා සුදු පාට කොලේක ඔයාගෙ දිගටි අකුරු වලින් ලියපු කවි පේලි කීපය කියවල මේ ඇස් වල කඳුලු බොඳවුනේ දුකට නෙමේ සතුටට.. “ඇත්තටම ඔයා මෙච්චරම ආදරයිද මට ?”මම මගෙන්ම ඇහුව වාර අනන්තයි.. ඒ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම්වතිය මම බව එදා මට දැනුනු නිසා.. ඒ අතීතය මතක් වෙද්දි තාමත් හිතට ලෝබයි... හිත රිදෙනව තමයි ඒත් පපුවට දැනෙන ඒ ඔයාගෙයි මගෙයි ආදරේ මතක් වෙද්දි මේ අතීතෙ සැරිසරන්න පුදුමාකාර ලෝබකමක් දැනෙනවා..
අහසට දුක හිතුනම අහස හඬනවා..හීනියට වහින පොද වැස්සක ඉඳල මහා මුරුගුසන් වරුසාවක් වෙන තුරුම අහස හඬනව..ඒත් ඒ අහස තරම් නිදහසෙ හඩන්නවත් මම පින් කරල නැහැ.. ලතැවිලි ඔක්කොම හිතේ දරාගෙන මම නිහඬවම දුක් ගන්නවා...පන්සලක් වගේ නිස්කලංක හිතක් කුනාටුවක් වගේ සැඩට අපිලිවෙල වෙද්දි කඳුලු සඟවන්න උත්සහ ගන්නවා....ඔයා ආදරේ කල.. කවි ලියපු.. ඒ නිල්පාට ඇස් දෙක කඳුලු හිර කරන් වැලපෙනවා..
ඇත්ත.. මේ ඇස් රතු කරන් හඬල වැලපිලා මම කොහොමද ඔයාට දුකක් දෙන්නෙ..ඒ නිසා මම කඳුලු සැඟෙව්ව තමයි..මම සතුටින් කියල ලෝකෙට පේන්න හිනා වුනා තමයි. සත්තකින්ම හැඟීමක් දැනීමක් නැති කලු ගලක් වගේ මම උන්නා තමයි..ඒත් කොයි තරම්ද එකම එක මොහොතක් විතරයි මට එහෙම ඉන්න පුලුවන් වුනේ .. සමාවෙන්න ආයෙත් මගේ ඇස් වල කඳුලු දියවෙලා..
මටත් හොරෙන්ම මේ දඩබ්බර ඇස් වලින් කඳුලු වැටුනා..ඇත්තමයි එදා මේ ඇස් දෙකට ඔයා පැරදුනා වගේම මමත් අද පැරදුනා..මටම කීකරු නැති මගේ ඇස් මට හිතුවක්කර වෙලා කදුලු එක්ක තරඟ කරද්දි., අහින්සක මම දුක් විදින ඇස් එක්ක පෙරළි පාලා හොඳටෝම වෙහෙස වුනා විතරයි..
මම දවල් රෑ නැතුව මග බලන් හිටියා.. මේ ඇස් රිදෙනකල් ඔයා ගැන හිත හිත ඔයා එනකල් මග බලන් හිටියා.... එහෙම ලතැවන මේ හිත සීමාවක් නැතිව තවත් දුක් ගන්නව..මේ ඇස් වලට තවත් කඳුලු ගන්නව..
ඉතින් ඔයාට තේරෙනව නේද එදා ඔයා කවි ලියපු ඒ නිලුපුල් ඇස් දැන් මං ලඟ නැහැ..ඒ ඇස් රතු වෙලා..නිල් පාට සේදිල ගියා.. ඉතින් කොහොමද ඔයා තව දුරටත් කවියෙක් වෙන්නෙ.. ඔයා කොහොමද කවි ලියන්නෙ.. ඔයාට කවි ලියන්න සුන්දර බවක් ඒ ඇස් ලඟ දැන් නැහැ..ඔයාම නේද ඒ ඇස් දෙක උදුරගත්තෙ මගෙන්..ඔයාට ඕනමනම් තව එකම එක කවියක් ලියන්න මම අවසර දෙන්නම් හැබැයි ඒ මේ නිලුපුල් වලට ණය වුන ඔයා දකින ඇස් ගැන නෙමෙයි ඔයා වෙනුවෙන් අලුතින් කඳුලු වගුරන මගේ මේ ඇස් දෙක ගැන..මගේම ඇස් දෙක ගැන.. ..
"මේ අලුත් කඳුලු ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකි.."
හ්ම්ම්..... ඔයා වෙනුවෙන්ම කදුළු ගලාගන ගිහින් ඇස් රතු වෙලා දැන් ඉස්සර ඔයා කවි ලියපු මගේ නිල් ඇස් මටවත් හිමි නැ. කියන්න ගොඩාක් දේවල් හිතට දැනුනත් ඒ දේවල් කියන්න මගේ දුප්පත් හිතේ වචන නැ. ඒත් එකම එක දෙයක් කියන්නම්. මේක මගේ බොක්කටම වැදුනා.........
ReplyDeleteඔබ අතේම මට මගේ කඳුළු යැව්හැකි!
ReplyDeleteනිර්මාණ තුලින් ඔය දකින්නෙපා කිව්වට මේක නම් බොහොම සංවේදී ආත්මතම ප්‍රකාශයක් වගේ!:-/
අනේ මටත් ඇඩෙන්න වගේ. හරිම සංවේදී..... ලස්සන කියමන් පිරිලා.. මට ගොඩක් ආස හිතුන 'පන්සලක් වගේ නිස්කලංක හිතක්' කියන එකට නම්....
ReplyDeleteනියම ගලා යෑමක්.. සිරා !
ReplyDeleteගොඩක් දුක හිතෙනවා..ලස්සනයි ඒ උනාට
ReplyDeleteහරිම ලස්සනයි... දුකත් හිතුනා. මට මේ සිංදුව මතක් ව්උනා.
ReplyDelete"ප්‍රේමයට නිම්හිම් නැති
උල්පත උනා යැයි ඔබම කී
කවියාණනේ.."
හිතට හුඟාක් වැදුනා..
ගොඩාක් පපුවට වැදුනා සෑහෙන්න දුක්බරයි ඇඬෙන්න තරම්....ඔයා මේ ලියන්නේ ඔයා ගැනමද????
ReplyDeleteකඳුළු දකින්නට
ඔය නිල් නෙතු මැද
සිහිනෙන් වත් මා
නොසිතු හැටි
මා කල වරදට
නොහඬනු මැන ඔබ
හිතකින් නොව ඔබ
ඇතැර ගියේ
නිලුපුල් නෙතු යුග
දල්වාලන්නට
සිහිනෙන් හෝ මට
එන්න යලි
හැකිනම් එතකන්
ඉවසා ඉන්නට
මතු දවසක යලි
නොදෙමි ගිනි
//"මේ අලුත් කඳුලු ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකි.."//
හැකි පමණ උත්සහ කලා අක්කේ කවියක් ලියන්න ඒත් අමුවෙන් ලියැවුනේ මේක....ඔයාගේ හැම දෙයක්ම දුක හිතුනට මේකට තමයි වැඩියම දුකක් දැනුනේ
ඔයා ඇයි ඔය තරම් ආදරේ ගැනම ලියන්නේ....? අඬෙනවා අප්පා මේවා කියවපුවම...
ReplyDeleteඅදයි ආවෙ, මගේ බ්ලොගට දාපු කමෙන්ට් එකකින් පන්නගෙන ආවෙ... ඉස්සෙල්ලම ආපු දවසේ දුක හිතෙන කතා එපා නෙ.. මම හෙමීට ඔයාගේ පෝස්ට් ටික කියවන්නම් හොඳේ.. අයෙත් එන්නම්. ජයවේවා!!!
ReplyDeleteලස්සනයි..දුකයි...:(
ReplyDeleteකාලෙකට පස්සේ පෝස්ට් එකක් කියවලා ඇස් වලට කඳුළු ආවා..
ReplyDeleteලසනට දුකේ හිතෙන විදියට ලිතය..ඇත්තමයි..
ReplyDeleteබැන බැනත් එයාට I love you කියනව නේද? එහෙම තමයි. කොච්චර වැරදි කරල තිබුනත් පොඩ්ඩක් හරි ආදරෙයි නේද එයාට. ඒ පොඩ්ඩට ආදරේ කරනව හිත පිරෙනකම් නේද?
ReplyDeleteකරපු ඒ ආදරේ බොම්බයක් වගේ පිපිරිලා ගිහිනුත් ඒ පිපිරිලා ගිහිපු හදවතේ පුංචි තැනක තිබුන ආදරේ රැක ගත්ත අය හරිම අඩුයි. ඒ අය විදින වේදනාව මේ ලෝකෙ කිසිම ආදර වන්තයෙක් විදින්නෙ නැතුව ඇති.
තමන් වැල පිලා වැල පිලා. අනේ ඔයා මාව දාල ගියා කියල හිතින් අඩ අඩ, ඒත්, සමහර විට ඔයා කවද හරි ආපහු ඒවියි කියල බලාපොරොත්තුවකුත් තියාගෙන කොච්චර කල් ඉන්නද?
ඉතින් ලෝකෙටම ඇහෙන්න කියන්න ඔයාගෙ ඒ ආදර කතාව. හිතින් 18 වෙනි සියවසේ ජීවත් වෙන කෙල්ලෙක් 21 වෙනි සියවසේ දි ලියන ආදර කතාව.
ස්න්වේදීත්වය උපරිමයෙන් ස්'ප්ර්ශ කිරීමක්...
ReplyDeleteඅක්කා, ඇහුවනේ කැමතිනම් නම කියන්න කියලා..
නම දාන එකනම් රිස්ක් එකක් තමා.. ඒත්,
මගේ නම සුමුදු ලක්මාල්
හරිම සංවේදියි.ඔයා හොඳට ලියල තියෙනව.ඔව් යළු...ලස්සනම ලස්සනයි...
ReplyDeleteමාත් අද තමයි මෙහෙට ආවේ..
ReplyDeleteහ්ම් ...හ්ම්.. කදුළු පිහදගෙන වෙල්කම් කියනවා හිනා කටක් එක්ක...
43ක් තියෙනවා කියවන්න. ඉස්සරවෙලාම ඒ ටික ඉවර කරලා ඉන්නම්කො නේ..ඊටත් පස්සෙ තමා සිහින වලට කොමෙන්ටු අරී..
මුලින්ම කියන්න ඕනේ අසනීපයෙන් නිසා පිළිතුරු ලියන්න ටිකක් ප්රනමාධ වුන බව..යාලුවන්ගෙ බ්ලිග් කියවන එකත් මග ඇරුන..ඒකට සමාවෙන්න..
ReplyDelete@ රෙප් මහත්තයා : හ්ම්ම්.. :-(
@ Nuwan Tharaka : මම බොහෝ සංවේදී කෙනෙක් තමයි..ඒත් ලියන හැම දේම මගේම අත්දැකීම් නෙමෙයි යාලු..
@ Shaggy : ස්තූතියි යාලු.. යම්කිසි දෙයක් හිතට දැනුනනම් මටත් හිතෙනවා මම චුට්ටක් හරි සාර්ථකව ලියල ඇති කියල..
@ sAm (සෑම්) : හි හි එහෙනම් සිරා..
@ පුංචි කුමාරිහාමි : හ්ම්ම්...ස්තූතියි ඔයාට පුංචි කුමාරිහාමි..
ReplyDelete@ හිතුවක්කාරි : ඔව් හිතුවක්කාරියෙ ඒ සිංදුව ගැන හිතිල තමයි ලිව්වෙ..මම ආසම ගීතයක් ඒක..දීපිකා ප්රිතයදර්ශනීගෙ..ස්තූතියි ඔයාටත්.. :-)
@ගැමියාගේ පත් ඉරුව :හ්ම්ම්..මම ගැනමත් නෙමෙයි මල්ලි..ඒත් මම ඒ අවස්ථාව මගේ කරගෙන ලියන්නයි උත්සහ ගත්තෙ ..හැමදාම කියනව වගේ ඔයාගෙ කවිය සුපිරියි :-)
@ Senna : ආදරේට ආදරෙයි ඒ නිසා ආදරේ ගැන ලියවෙනවා වැඩියි.. හි හි අඬන්නෙපා අප්පා.
ReplyDelete@ Shani : ආවට ස්තූතියි ශානියෝ ඔන්න කඳුලු පිහදාලා සාදරයෙන් පිලිගත්තා..මගෙත් යාලුවෙක් ඉන්නව ශානි කියල මේ එයා නෙමෙයි නේද.. :-D
@ සයුරි : හ්ම්ම්.. ස්තූතියි යාලු
@ Dinesh :හ්ම්ම්..
@ අසරණයා : ස්තූතියි යාලු..
@ Hishan Melanga : හ්ම්ම්..මේක තමා මම ලියපු කතාවෙ සාරංශය..ඒත් මේ මගේ ඇත්තම ආදර කතාව නෙමෙයි..හි හි..මේක ගීතයක් මතක් වෙලා ලියපු එකක්..
ReplyDelete@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 :ස්තූතියි මල්ලි..මට ඔයාගෙ නම පේන්නෙ නැහැ..අකුරු ටිකක් එන්නෙ..ඒකයි එහෙම කිව්වෙ..අපෙන් කාටවත් වරදක් නොවෙනවනම් නම ගම කිව්ව කියල ඒ තරම් රිස්ක් එකක් නෑ දරුවො..
@ සිහින මතකයන් : ස්තූතියි සිහින..ඔයා ලියන්නෙත් වැඩිපුරම ආදර මතකයන්නෙ..
@ නාකියා : ගොඩාක් ස්තූතියි ආවට අයියේ..හ හා ඔක්කොම නිවාඩු පාඩුවේ එහෙනම් කියවමුකෝ..:-)
oyata meke danna thibuna neda meka,deepika priyadarshaneege geethayak esurin livva kiyala.mathrukavatath sinduve kellak dala post eke sinduva gena kiyala nethi eka hoda nehe neda? ka athinuth veradi venava. api okkoma adupadu hadagenai issarahata yanne. ee nisa me gena tikak hithanna.
ReplyDeletepa.li:me geethaye gee pada rachakaya, Rathna sri wijesinha mahaththaya.
@ Anonymous : මම ඒක කමෙන්ට් එකකත් සදහන් කරල තියෙනවා..අනික කලින් ගීත වලට ලියපු පෝස්ට් වලත් විශේෂයෙන් කියල ගායකය හදුන්වා දීමක් නොකල නිසා තමයි මේකෙත් නොලිව්වෙ..හැම කෙනෙක්ම සර්ව සම්පූර්න නෑ..ඉතින් මේ ගැන දැනුවත් කලාට ඔබට ගොඩාක් පිං..ආයෙත් එහෙම වරදක් නොකර ඉන්න උත්සාහ කරන්නම්..
ReplyDeleteඅප්පේ ඇඬෙන පෝස්ට් එකක්නෙ, නියමෙටම ලියල තියෙනව, සුපිරි...
ReplyDelete/// ඇත්ත.. මේ ඇස් රතු කරන් හඬල වැලපිලා මම කොහොමද ඔයාට දුකක් දෙන්නෙ..ඒ නිසා මම කඳුලු සැඟෙව්ව තමයි..මම සතුටින් කියල ලෝකෙට පේන්න හිනා වුනා තමයි. සත්තකින්ම හැඟීමක් දැනීමක් නැති කලු ගලක් වගේ මම උන්නා තමයි..ඒත් කොයි තරම්ද එකම එක මොහොතක් විතරයි මට එහෙම ඉන්න පුලුවන් වුනේ .. සමාවෙන්න ආයෙත් මගේ ඇස් වල කඳුලු දියවෙලා.. ///
මෙන්න මේ ටික බොක්කටම වැදුන... මේක ඇත්ත කතාවක්ද... ලිවිල්ල නම් උපරිමයි... ජය ශ්‍රී...!!!
mageth aasama sinduvak.
ReplyDelete@ මන්ඩිපාල: ස්තූතියි මන්ඩි..ඇත්තම කතාවක් නෙමෙයි..ගොතපු එකක්
ReplyDelete@ වර්ෂා.. :ම්ම්.. මගෙත්..
හ්ම්ම්ම් බොක්කෙන්ම ලියපු එකක්...බොක්කටම වදිනවා....
ReplyDeleteවෙන් නොවී බැරිම වෙලාවල් වලදි අකමැත්තෙන් උනත් වෙන් වෙන්න සිද්ධ වෙනවා නේද?මේ තරම් ආදරේ කරපු කෙනෙක්ට ඔයාව අත ඇරලා යන්න උනේ ඔයාගේම හෙට ගැන හිතලනම්......???
මට හිතුනේ එහෙමයි...
ගොඩක් ලස්සන නිර්මාණයක් යාලුවා....