Pages

Tuesday, January 17, 2012

මට නැති හිත


හිත වටකර
කොටු කරන්න
බැරි හින්දා මට
වාරු නැති මගේ හිත
උකසට දුන්නෙ ඔබට
නාහම අයිතිකරගනිද්දි
සින්නකරේට
කොහොමද කියල දෙන්නෙ
සන්තකේම එච්චරයි මට
මටම මම නැතිව
හූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..

Tuesday, January 10, 2012

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්




නෙතු නලියන තද අලෝකය පහව ගොස් සතර දෙස වැසී ගිය ඝන අදුරේ මම ජීවිත යාත්‍රාව පැදෙව්වෙමි.. බැලු බැලු අත පෙනෙන්නේ මේ මහා ජල කඳ පමනි..මේ ජීවිත මුහුදේ මා බොහෝ සේ තනිවී ඇත.. අතරමන් වී ඇත..හසරක් නොදැන ඔහේ පාවෙන්නද තරු එලියෙන් මං සලකුනු විමසන්නද මට නිනව්වක් නොවුනි..ඈතින් යාන්තමට පෙනෙන සිහින් සහන් එලියකි.. එය ඔබේ නෙතු තරම් දීපතිමත්ය.. පැහැදිලිය..මා ඒ දෙස නොබැලුවා නොවේ..නමුදු මේ ජීවිත යාත්‍රාව ඒ සහන් එලියෙන් පැදවීමට මට කිසිදු දහිරියක් නැත..මා මේ යනෙන මග නැවත වරක් වරද්දා ගැනීමට මට ඇවැසි නොවීය.. මේ  අදිටන් කරගත් තීරනාත්මක ගමන මා යා යුතුමය..

නැවතත් මා මේ ජීවිත සයුර තුල ඔබේත් මගේත්  අතීතයේ  මොහොතකට තනිවීමි..ඒ අතීතයේ තනිවී ලතැවෙන්නට සුසුම් ලමින් ඉකිබිඳින්නට මට හැකිය..පාලුවෙන් වියරු වැටුනු මගේ තනි හිතට එයද සැනසුමකි.. ඔබේ හිත ලගට වඩාම සමීප වූයේ මාය..ඒ සහෝදරකමද මිතුරුකමද කියා මම නොදනිමි..නමුදු මා දන්නා ඔබ නො දන්නා එකම එක  බැඳීමක් විය..ඒ ඔබට මගේ පනටත් වඩා මම පෙම් කල බැව්ය...ඔබේ සිනාව දෙස බලා මම අනන්තවත් තුටු වීමි.. ඔබේ කඳුලු දෙස බලා මාද සිත යටින් වැලපීමි..තවත් විටෙක ඔය දොඩමලු දෑස් මත මා ගොලු වූ වාර අනන්ත වීය..නිහඬවම මා ඔය නෙතු සමග දොඩමලු වූ දවස් එමටය..නමුදු කිසිදා ඔබට මා වටහා ගැනීමට නොවුමනා විය..

තවත් වරක් මා එදෙස බැලීමි..ඒ එළිය සියුමැලිය..සැබෑවකි මා නෙතු විමසන්නේ එවන් සහන් එළියකි.. එහෙත් මා මගේ දෑස් මානයේ දිලෙන පහන් ටැඹ්න් පාර නොඅසා ඈත ආකහේ දිලෙන තරු එළියෙන් මග විමසාගෙන මේ ජීවිත යත්‍රාව පදවන්නට අදිටන් කරගෙන හමාරය. මගේ අරමුනට බාධක එමටය.. මේ අඳුර..මේ චන්ඩ සයුරු තෙර සේම උමතුවෙන් මෙන් මා ඔබට පෙම් කල ඒ යුගයද මගේ ගමනට බාධාවකි. එහෙත් විටක රළු වන විටක සියුමැලි වන මේ ජීවිත සයුර දිගේ ඈතින් පෙනන නුඹ දෙස බලා ආපසු නොහැරී මම මගේ ගමන යන්නට මගේ ආත්මයට දිවුරුම් දී අවසන්ය.

ඉඳින් මට ඇවැසි නොවූ ප්‍රේමය පසෙක දා ඔබ නමින් තව දුරටත් මිතුරුදම් පුරන්නට මට නොහැක.. එබැවින් මා සමු ගනිමි.. සදහටම ඔබෙන් සමුගෙන යමි..නැවතත් කිසි දින සිහිනෙකදු  ඔබ  හමුවීමට මම නොපතමි.. මේ ප්‍රේම සිහිනය ලියවුනු ඒ අතීතය  පොඩිකර සැඩ සයුරට විසිකර මගේ සිහිනය මෙතකින් හමාර කර ගනිමි..

“සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා..නෞකාවකි ඔබ ඈත සමුදුරේ..”

Thursday, January 5, 2012

සොඳුරු නිශාන්තය..


සිහින් සඳ රැස් ගලන
තාරුකා වියන යට
පිනිතුහින මතින් පිබිද
හිනහුනා කඩුපුල් මල
....
ගලන සඳ රැස් මතින
බැස විත් සුරඟනන් හෙමීට
ගයමින් ගීතිකා තාලෙට
නටයි කඩුපුල් මල වෙලාගෙන
....
හමන මදනල එක්ක
දැනෙන සීතල සිසිලට
පිම්මේ දිවගොසින් මට
විඳින්නට ආසයි
 මේ අරුම රැය
....
ඉතින් කඩුපුල් මලේ නුඹ
හමමින් සුවඳ දස අත
ඇමතුවේ මටමද
නිහඬව විඳින්නට
 මටම විතරක්
මේ  සොඳුරු නිශාන්තය
....

Saturday, December 31, 2011

සැමට සුභ නව වසරක් වේවා !!!


හෙට අලුත් දවසක්..
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
 නැවුම් අරුණැල්ලක්....
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා..
සොඳුරු නව වසරක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්..
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
නිහඩ සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්..

Thursday, December 29, 2011

තාම තියෙන්නෙ ඒ දුප්පත් හිත විතරමයි




කී පාරක් කියන්නද
මල් ලියකම් හැඩදාලා..
රතු තින්තෙන් පාට ගාපු
ඊට යටින්
“I Love You” කියල
ඉන්ගිරිසියෙන් ලියගත්තු
ඔයා දැකපු පින්තූරෙක තිබුන
මොඩර්න් හාර්ට් එකක්
මට නෑ කියල..
තාම තියෙන්නෙ..
චුට්ටක් ඇත්නම් ගැස්සෙන..
හරිම බරට හුස්ම වැටෙන..
රුහිරයේ පැහැයෙන්
ආදරේ පාට වැටුනු..
අලුත් තාලේ පැලැස්තර
මුකුත් නැති
ඉස්සරම දවසක
ඔයාට පරිස්සමට  දුන්නු
ඒ දුප්පත් හදවත විතරමයි..

Wednesday, December 28, 2011

එන පුර පෝයට ඇවිත් යන්න





එන පුර පෝයට
ඇවිත් යන්න ඔබ
ආසයි ඔය නෙතු
යලිත් දකින්නට..

සීතල කම්මුල්
පිසදා හෙමීට
ආසයි මට
හාදුවක් තබන්නට

සතුටු කදුලු වැල්
නෙතුමත විසිරෙයි
ඩින්ගිත්තක් ඔබ ලග
නැලවෙනකොට

ඔයි සුදු මූනෙ
හිනා කිනිත්තක්
දෙනවද  ආයෙත්
ලග හිඳ යන විට

ඒ ඇති බිඳුවක්
සිත සැනසෙන්නට
ඔබ එනතුරු යලි
අවුරුදු දවසට..


Thursday, December 22, 2011

නුඹට මගෙ හිත ගාව තව ආදරේ බෝම


දඟකාර සුලං වැල්
බඳ වටා එතෙන විට
දැනේ මට සෙනේ සූව
නොවිඳි රසයක් සේම

නොහික්මුනු ඔබෙ ඇස්
මා වටා සරන විට
නොදේ තව ඉවසුමක්
බදා සිපගමි මේම

අකීකරු මගෙ හිත
සසල වෙයි නිරන්තර
ඔබ මගේ හිත පුරා
ඇවිදිනා විට මේම

නිසන්සල හීන කැටි
සසලෙනා මොහොතකට
නොසන්සුන් පැතුම් පොදි
දරාගමි මම කෝම

විටක මා සනසවන
විටක මා සලිතවන
නුඹට මගෙ හිත ගාව
තව ආදරේ  බෝම..