Pages

Monday, May 9, 2011

ඔබ එනතුරු හිත අද්දර හීන පොකුරු මල් පිපේවි..



ඔබ එනතුරු හිත අද්දර  
 හීන පොකුරු මල් පිපේවි..
ඒ සුවදින් මං සොයාන
නුඹ මා වෙතටම වඩීවි
නුඹ දුටු විට මගේ දෙනෙත්
ලැජ්ජවෙන් බිම බලාවි
දිලිසෙන ඔය නෙතු කොනකින්
තව මට සරදම් කරාවි..


ඔබෙ පපුවට තුරුලු වෙලා
මා උනුසුම් සුව සොයාවි
හෙමින් හෙමින් මුදු තොල්පෙති
මගෙ නලලට හාදු දේවි
මගේ සිහින රජදහනේ
නුඹ සුරපුරයක් මවාවි
නුඹ නැතිදා මගෙ නෙතු ලග
සිහිනය බොද වී තියේවි..

Thursday, February 24, 2011

මේ කඳුලු මටම විතරද?


කීවනාහන ඇස් දෙක හරිම මුරන්ඩුයි
හැම අස්සක මුල්ලකම ඔයා හොයනව
හිත පිලිගත්තත් ඔයා මට හිමි නැති බව
හරිම බරට නෙතු පියන් තෙත් වෙනව
එතකොට ආයෙත් හිතෙනව
අනේ ඔබ මගේ උනානම් කියල
ඉස්සර සතුටින් හිටිය තරමටම
අද හඩන්න වෙයි කියල හිතුනනම්
කවදාවත් ආදරේ කරන්නෙ නෑ මම
මට හැමදාමත් හිනාවෙලා ඉන්න කියල
ඒ හිනාවට හැමදාමත් ආස කරපු ඔබ
මේ තරම් ඇස්දෙක හඩවලා යන්න ගියාම
හිතුනෙ නැද්ද මේ කෙල්ල පව් කියලවත්
සාගරයක් තරමට හඩන්නට ඇති දැනටම
ඒත් තාමත් මහ පොලොව වගේ නිහඩයි ඔබ
අන්තිමට ඉතිරි වුනේ මට
අපි දෙන්නගෙ බැදීම තාවකාලික වෙලා
මේ කදුලු විතරක් සදාකාලික වීම විතරයි
මෙයද ඔබ මට කියල දුන්නු
ආදරේ මහිමය..

Monday, February 21, 2011

නොකියාම ලැගුම් ගත් සෙනෙහසක අපුරුව..



හීනියට හිනාවෙන
ඔබේ නෙතු යුග මත
මොහොතකට මගේ සිත
අතරමන් වුන අපුරුව..
නීල ආකහෙනුත් එහා
ඒ තරු නෙතු සමග
මගේ සිත ගව් ගනන්
ඉගිල ගිය අපුරුව..  
අහිමි බව දැන දැනත්
යන්තමට සසල වුන
රත්තරන් හීනයක අපූරුව..
හීනයක් වෙලා විත්
නොකියාම ලැගුම් ගත්
දයාබර සෙනෙහසක අපුරුව..
  

Wednesday, January 5, 2011

භාවනාවක් වගේ වරුවක්ම සිහිකරන හිතට ආවිට ඔබ ..


ඉස්පාසුවක් නැති හිත හරිම සන්සුන්
භාවනාවක් වගේ වරුවක්ම සිහිකරන
හිතට ආවිට ඔබ ..

රටාවකට ගෙත්තම් උන හිත හරිම පිලිවෙලයි
මාලයක් වගේ එකින් එකට මුතු අමුනන
ඇවිදින් හිදිනවිට ඔබ ..

දෙසවන් සනහන ස්වරයට තුන් හිතම නිවමින්
පරිස්සමට ගැයෙන මිහිරි ගීතයක් වගේ
දොඩමලු වනවිට ඔබ ..

හත් දොහක් එක පිට වට වැස්සකින්
සෝදා ගිය මහ පොලව වගේ අපිලිවෙලයි
යනවිට ලග හිඳ ඔබ ..






Friday, December 31, 2010

කොහිද පෙරදින තිබු සෙනෙහස..


මන්දාරම් අදුරත් එක්ක එන සීතලට..
ගැස්සෙයි සියොලගම
ඔබ උන්නට මා ලගම..
රත් පැහැයට හැරෙමින් නිදන්නට පෙර හිරු
බබලවයි ඔබෙ වත හරිම සුන්දරව
වෙනසක් නැතුවම..
අතොරක් නෑරම නැගෙන බිදෙන රළ
පමනි බිදින්නේ
මේ අපේ නිහඩ බව
පෙරදා වගේමයි හැමදේම..
නමුදු
තවමත් නිහඩයි මගේ රත්තරන් අද ඔබ..
කොහිද පෙරදින තිබූ ඔබේ
මහමෙරක් පරයන සෙනෙහස..

Thursday, December 30, 2010

එකම කවියක්..



ලියන්නට සිතුනි මට කවක්
ඔබ හැර අන් යමක් ගැන
නමුදු බලන විට
ලියා අහවරව අදත් ලියවුනේ
එකම කවියක්
ඔබ ගැනම එක එක විදිහට

ඔබේ ආදරේ පමනයි මට..





මල් පෙත්තකට පිනි බිඳුවක්
බර වැඩි නැහැ කිව්වට.
ඒක හරියටම දන්නෙ
මල් පෙත්ත විතරයි..
මගේ පුංචි හිතට ඔයාගේ
ආදරේ බර වැඩි නැහැ කිව්වට..
ඒක හරියටම දන්නෙ
මගේ හිත විතරයි..
එහෙනම් ඇයි කියන්නෙ
හිතන්නෙපා කියල මට..
සැරින් සැරෙ ඇවිත්
සිබිනකොට මගේ හිත පතුලම..
පුලුවන්ද සැහැල්ලුවට ගන්න
ඔබේ ආදරය මට..
කිව්වට දහදොලොස් පාරක්
ආදරෙයි කියල දවසකට..
දවසකට කීපරක් පිච්චෙනවද
ඔබ මට නැති වෙයි බයට ..
මහ පොලවම හිස මත වගේ
දැනෙන කොට ඔබ නිසා මට
සමනල තටුවක සැහැල්ලුව ගන්න
අමාරුයි නේද හිතට ..
එහෙනම් කියන්නෙපා
හිතන්නෙපා කියල මට වැඩිපුර ..
හිතනවා මම තව ගොඩාරියක්
අපි දෙන්න ගැන
ඇස්වහක් නැහැ රත්තරන්
අපේ ආදරයට..
සත්තයි
ආත්ම හතකට ඔබේ ආදරය
පමනයි මට..